කුඹුරට එන කුණු ප්‍රශ්ණය විසදීමට ඒකාධිපති පාලනයක අවශ්‍යතාවය - ගඳගසන නිලධාරීවාදය
ම ගේ පසුගිය artical වලින් පැහැදිලි කලේ මානව හිමිකම් කියන්නේ හරියට හොදට සශ්‍රීකව හැදුනු ගසක පිපෙන මල් වගේ දෙයක් කියල. ඒ කිව්වේ මල් වලට කිසිම සම්බන්දයක් නැති සංගටකවල (පස , වතුර , ඉර එලිය) දීර්ග කාලීන මුසුවකින් පස්සේ , ගසක සුවද හමන මල් හට ගන්නවා වගේ තමයි මානව හිමිකම් ලගාකරගන්න ඉස්සෙල්ල රටේ සුභසිද්ධියට නොපිරිහෙලා වැඩකරන ඒකාධිපති දේශපාලන අධිකාරියක් විසින් ඒ රටේ මනුෂ්‍යයින්ගේ හිතේ එම දේශපාලන අධිකාරිය වෙනුවෙන් ඇතිකරන බිය ( fear) දීර්ග කාලයක් පුරාවට පවත්වාගෙන ගියහම ඒ මත තමයි දේශපාලන ස්ථාවරත්වය ( political order) සහ එහින් උපදින නීතිය සහ රීතිය ( law and order and customs) බිහිවෙන්නේ කියන කාරණය. ඒ මත තමයි රටවල් සශ්‍රීක වෙලා තියෙන්නේ කියන කාරණය. එය එසේ කිරීමට රජයකට අවශ්‍ය හිංසනයේ ඒකාධිපතිත්වය ( monopoly of violence) පාවිච්චි කිරීමේ සාධාරණ අයිතිය සෑම දේශපාලන අධිකාරියකටම ඇති බවත් මම පැවසුවා. මම මෙම කරණා සොභාව ධර්මයේ තියන නීති සහ රීති වලට අනුකුල වන බවත් , දැනට යුරෝපයේ සහ අනිත් දියුනුවුවා යැයි පවසන රටවල් මෙලෙස දියුණුවී ඇති බවත් , මානව අයිතිවාසිකම් කියන්නේ හුගක් වෙලාවට ඔවුන්ගේ රටවල් වලත් සුළුතරයට නැති...