මුස්ලිම් ජනගහනය සහ රටේ ජනගහනය පාලනය
එක්දහස් අටසිය විස්සේ (1820) ශ්‍රී ලංකා ජනගහනය ලක්ෂ අටක් (800,000) පමණ විය.
එක් දහස් නවසිය විස්ස වනවිට ජනගහනය මිලියන දෙක (2,000,000) දක්වා වැඩිවී තිබුණි. අද, දෙදහස් විස්සේ, (2021) ජනගහනය මිලියන විසි තුන (23,044,123) ඉක්මවා ඇත. දෙදහස් පනහ (2050) වනවිට ජනගහනය මිලියන විසිහත (27,000,000) කිට්ටු කිරීමට නියමිතය. මෙම ජනගහනය රටේ භූමියට සහ එහි ඇති සීමිත සම්පත් වලට තිරසාර නොවනබව සාමාන්‍ය දැනුම අත්තන්හට වැටහෙනු ඇත.
රට සෞභාග්‍ය කරා ගෙනයන ඉදිරි ගමනකට ජනගහනය පාලන කරනා ප්‍රතිපත්ති
අනිවාර්යවේ. ජනගහනය පාලන කරනා ප්‍රතිපත්තින් රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවය ආරක්ෂා
කරන අතරම සුළු ජන කොටස්වල අනන්‍යතාවයද ආරක්ෂා කල යුතුය.
ආදී කාලයේ පටන් මුහුදුබඩ වරායවල් ආශ්‍රිත
ජනසමාජයට තුර්කීය මුස්ලිම් ජාතිකයන් ආගන්තුකයින් නොවීය. ඔහුන් රට තුලට පැමිණ රටේ
රජතුමන්හට බදු ගෙවීම වෙනුවට සන්තෝසම් ප්‍රදනයකර ඔහුන්ගේ බඩු බාහිරාදිය සමග ගමක්
ගමක් පාසා වෙළදාමේ ගියෙය. රට තුල ඇති කුළුබඩු මිලදීගෙන ඔහුන් ගෙනආ භාණ්ඩ, බහුතරයක් චීනයෙන් ගෙනා සළු පිලි සහ සෙරෙමික්, විකුණා නැවත යන්නට ගියේය. එක් දහස් පන්සිය ගණන් වල මුස්ලිම් ජාතිකයින්
අතලොසක් රට තුල ජීවිකාව ගෙනයමින් සිංහල සමාජයට මුසුවී සිටියහ. යුරෝපීයයන් ලංකාවට ගොඩ බසිනාවිට මෙම මුස්ලිම් ජාතිකයින් රටේ අස්සක් මුල්ලක් නෑර සහ රජුගේ අධිකාරීන් සමග කුළුපගවී සිටි හෙයින් මොහුන් යුරෝපීයයන්ගේ මගපෙන්වන්නන් වුහ. බ්‍රිතාන්‍යයන් මෙරටට දමිළ ජාතිකයින් රැගෙනආබව කවුරුත් දනිති. ඉන්දියානු ජාතිකයින්ද මෙලෙසම රටතුල සැරිසැරූ අතර ඔහුන් කිසිවිටක ශ්‍රී ලාංකීය සුවිශේෂී අනන්‍යතාවය විකෘති කිරීමේ දේශපාන න්‍යයායන් මත රටතුල මුල්බැසගත් ජන කොටසක් නොවේ. මෙම ලිපියට අනවශ්‍ය කරුණක් උවද බටහිර ජාතිකයින් විසින් මෙම දෙපාර්ශවය, මුස්ලිම් සහ දමිළ, රජුගේ අග්‍රපුරෝහිතයින් කෙටවීමට මානව යොදා ගත්තේය - සිංහල දේශද්‍රෝහීන් නොසිටියාම නොවේ. එදා මෙදා පටන් ඔහුන්ගේ විකෘති දේශපාලන අරමුණු බටහිර හිවල් සංකල්ප සමග බැදී ඇත.
එක්දහස් අටසිය විස්සේ ශ්‍රී ලංකා
ජනගහනය ලක්ෂ අටක් පමණ විය. මාගේ දැනුමේ පමණට මේ වනවිට සිංහල ජනගහනය සැලකියයුතු විකෘති වීමකට බදුන්වී නොතිබුනත් බ්‍රිතාන්‍යය ජාතිකයින් මෙරට පාලනය ඇරඹීමත්ස මගම, ලංකාවේ ජනගහනය විකෘති වීමකට බදුන්වීය. කාර්මික විප්ලවය සමගින්
ජනජීවිතයෙහි ඇතිවූ නොයෙකුත් වෙනස්කම් හමුවේ ජනගහනය සීග්‍රයෙන් වර්දනයවිය. මෙය ශ්‍රී
ලංකාවට පමණක් අදාලවන වෙනස්වීමක් නොවයි.
මේවනවිට ලාංකීය ජනජීවිතයට ස්වභාව
ධර්මයෙන් උරුමව තිබු සංස්කෘතීය දායාදයන් විකෘති වීම ඇරබි තිබිණ. ශ්‍රී ලංකාවට
දකුණු ආසියාවේම ධාන්‍යයගාරය නමින් පවසනවිට ශ්‍රී ලංකාව තුලසිටි ජනගහනය ලක්ෂ හතරකටත්
වඩා නොවැඩි වන්නට ඇත. අපගේ කුඹුරු ප්‍රමාණය සහ හේන් ගොවිතැන රටේ ජනතාව ස්වයං පෝෂිත
කලා පමණක් නොව අතිරික්තයක් පවා නිපදවා ඇත. එය එසේ නොනුනා නම් පමණක් පුදුම විය යුතුය.
නමුත් අදවනවිට රසායනික පොහොර නොදා
සෑදිය හැකි ගොවිතැනක් නැත. කුඹුරු ගොඩ නොකර සෑදිය හැකි නගර නැත. කැලෑ එලි නොකර
සෑදිය හැකි ගොවිපොළවල් නැත. කැලෑ එලි නොකර සෑදිය හැකි මංමාවත් නැත. මේ සියලු අසමත්කම් අපේ අදුර දර්ශී
නායකින්ගේ දුරදක්නා නුවණක තරම විදහාපායි.
පුහු මානව හිමිකම් ගැන පමණක් උදම් අනනා ආදේශපාලනික ගුරුවරුන් සහ ශ්‍රී ලංකික පණ්ඩිතයන්යයි කියාගන්නාවුන් නොදන්නා කරුණක් වනුයේ ඔහුන් සෑම විටම උලුප්පා පෙන්වන ස්කැන්ඩිනේවියානු රටවල ජනගහණය සෑම විටම ඉතා අඩු මට්ටමක පවත්වාගෙන ඇති බවයි. උදාහරණයක් ලෙස ඩෙන්මාර්කයේ ජීවත්විය හැකි ඉඩම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 42,434 කි; එහි ජනගහනය මිලියන හයක්වත් (5,894,687) නොඉක්මවයි. නොර්වේයේ ජීවත්විය හැකි ඉඩම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 304,282 කි; එහි ජනගහනය මිලියන පහ හමාරකි (5,509,591). ස්වීඩනයේ ජීවත්විය හැකි ඉඩම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 410,335 කි; එහි ජනගහනය මිලියන දහයකි (10,261,767). ශ්‍රී ලංකාවේ ජීවත්විය හැකි ඉඩම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 64,630 කි; එහි ජනගහනය මිලියන විසි තුනකි (23,044,123). අප බටහිරෙන් උකහාගෙන ඇති දැනුම ගැන තවත් මොන කතාද.
ඒකෙසේ වෙතත් පුදුමයකටමෙන් අපගේ ශ්‍රී
ලංකා මාතාව අයගේ ස්වභාවික ආශ්චර්ය තවමත් රැකගෙන ඇත. අප එය ආරක්ෂා කල යුතුය. එය අප
කාගේත් යුතුකමයි.
ජනගහනය පාලන ප්‍රතිපත්ති ලෝකයාහට නුහුරු දෙයක් නොවෙයි. චීනය සාර්ථකව ඔවුන්ගේ ජනගහනය පාලනය කරමින් සිටි. ඒක පුද්ගල ආදායම වැඩිවීමත් සමගම සහ මවුවරුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල යාමත් සමගම ජනගහන වර්ධන වේගය පහල යෑමක් බලාපොරොත්තු හැකි උවද, ශ්‍රී ලාංකීය ජනගහනය අප ලක් මාතාවගේ ස්වභාවික උරුමයන්ට අනුව පාලනය කිරීම අපගේ යුතුකමය. තවද, සුළු ජන කොටස්වල පවතින සැගවුණු අනාගත අරමුණු අපගේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තව දුරටත් විකෘති කිරීමට මානව හැකියාව තිබේ. මෙය අප සවිඥානිකව පාලනය කලයුතු ප්‍රපංචයන්ය.
ශ්‍රී ලාංකීය සුවිශේෂී අනන්‍යතාවය
ආරක්ෂා කිරීමට ජනගහනයෙන් සියයට අසුවක් සහ අසුපහක් (80-85%) පමණ සිංහල බෞද්ධ විය යුතු අතර, කතෝලික සහ ක්‍රිස්තියානි ආගමිකයින් සියයට පහක් (5%) පමණද, මුස්ලිම් භක්තිකයින් සියයට පහක් (5%) පමණද, හින්දු භක්තිකයින් සියයට පහක් (5%) පමණද සහ අන්‍ය ආගමිකයින්ගේ අනන්‍යතාවයද ආරක්ෂා විය යුතුය.
අප කවුරුත් අගයන වෙල් ඉපනැල්ල, ගමයි පන්සලයි වැවයි දාගැබයි සහ අපගේ පාරම්පරික උරුමයන් සියලුදෑ
සවිඥානිකව රැක ගැනීමට අපට හැකිවිය යුතුය. එය එසේ නොවේනම් එය මනුෂ සවිඥානිකත්වයටද කරනා නින්දාවකි. මේ සදහා ජනගහනය පාලනය කරනා ප්‍රතිපතිති සෞභාග්‍යමත් අනාගතයක් උදෙසා කරනා දේශපාලන වියාපාරයක අනිවාර්ය අන්ගයක් විය යුතුමය.
මෙම කාලය අපට නිදහස්ව සිතීමට ඇති කාලයයි.
පුහු මානව හිමිකම් කර පින්නාගෙන රට අරාජික කිරීම පසෙක තබා අප සියල්ල එකතුවී කැප කිරීම් කිරීමට කාලය පැමිණ ඇත.
කර්තෘ - ඒ.වී. අනුරාධ සම්පත්
අධ්‍යාපනය - පශ්චාත් උපාධි - ජාත්‍යන්තර ආරක්ෂාව සහ නීතිය - ඩෙන්මාර්කය / බීඒ (ගෞරවය) ජාත්‍යන්තර දේශපාලනය - එක්සත් රාජධානිය.
Comments
Post a Comment