ශ්‍රී ලංකාවේ ජනගාහනන පාලනය කල යුත්තේ ඇයි?

1820දී ලංකාවේ ජනගහනය ලක්ෂ 8 පමණවූ බව විද්‍යාත්මක දත්ත රැස්කළ John Davy ඔහුගේ 'An Account of the Interior of Ceylon, and of Its Inhabitants: With Travels in that Island' නම් පොතේ පැහැදිලිව වාර්තාකල ඇත. 1920දී පැවැත්වූ ජන සංගණනයට අනුව ජනගහනය මිලියන 4.5ක් දක්වා වැඩිවී ඇති බව වාර්තාවීය. අද දවස වනවිට, 2020දී, නැවතත් මෙම ජනගහනය මිලියන 23ක් බවට වාර්තාවි ඇත.

ශ්‍රී ලංකාවේ භුමි ප්‍රමාණයට කොපමණ ජනගහනයක් දරා ගැනීමට හැකිද යන්න ඔබ මොහොතකට හෝ සිතා බැලුවදඅද ජනගහන වර්ධන වේගය 0.63 වන රින අගයක පැවතියද, ශ්‍රී ලංකාවේ බෞද්ධ අන්නන්‍යතාවය ආරක්ෂා වන පරිදි සභුද්දික ජනගහන පාලන ප්‍රතිපතීයක් රැගෙන ඒමට කාලය පැමිණ ඇත. 

කිසිම නීති සන්පාදනය කරන්නකු හෝ, විද්වතකු හෝ ජන මාධ්‍යයක් මෙම ප්‍රශ්නය දෙස ක්‍රමවත් ආකාරයකට නිරීක්ෂණය කල බවක් නොපෙනේ. සොභාව ධර්මයා අගයන ඔබගේත් මගෙත් යුතුකමක් වන්නේ මෙම කාරණය පිලිබදව සභුද්දික වීමයි.

ලංකාවේ භුමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 64,360 වේ. අප කුඩා ගණන් විජ්ජවකින් එක් ශ්‍රී ලාංකිකයකුට අයිති භුමි ප්‍රමාණය හොගනිමු. එය මෙසේය. 64,360/230,000,000=0.0028. එය ආසන්නම අගයට ගත්විට වර්ග කිලෝමීටර 0.0028. මෙය පර්චස් වලට හරවුවිට එම ප්‍රමාණය පර්චස් 111 පමණවේ. දැන් මෙය ලෝකයේ වඩාත් දියුණු වුවයයි කියන සහ සමාජ විෂමතා අවම මට්ටමක පවතින ඩෙන්මාර්කය, ස්වීඩනය, නොර්වේ රටවල් සහ ඇමෙරිකාව සමග සංසන්දනය කරමු.

Country

Total Sqkm

Population (Mil)

Per person

In perch

ඩෙන්මාර්කය

42434

5.9

0.0072

284.66

ශ්‍රී ලංකාවේ

64,360

23

0.0028

110.70

නොර්වේ

304,282

5.5

0.055

2174.52

ස්වීඩනය

410,335

10.2

0.040

1581.47

ඇමෙරිකාව

9,147,593

335

0.027

1067.49

මෙම භුමි ප්‍රමාණයන්ගෙන් සැලකිය යුතු කොටස් රක්ෂිත වශයෙනුත්, ගොවි බිම් වශයෙනුත් සහ හිමෙන් වැසී ඇති කොටස් වශයෙනුත් ඇති බවත් මතක තබා ගන්න. ඒ කෙසේ නමුදු පැහැදිලිවම මෙම රටවල් අතුරින්, භුමි ප්‍රමාණයට සාපේක්ෂව ඇති ජනගහනය දෙස බැලුවිට, ශ්‍රී ලංකාව ජනගහනය අධිකම රට බව පැහැදිලිවේ. 

ඩෙන්මාර්කයේ පපුරවැසියෙකු හට ශ්‍රී ලංකිකකුට අයිති භුමි ප්‍රමාණය මෙන් දෙගුණයක් හිමිවී ඇත. නොර්වේ, ස්වීඩනයයේ සහ ඇමෙරිකාවේ පුර වැසියෙකුට ශ්‍රී ලාංකිකයකුට හිමි භුමි ප්‍රමාණය මෙන් දස ගුණයකටත් වඩා භුක්ති විදීමට හැකිවී ඇත.

ශ්‍රී ලංකිකාවේ අද කුබුරු ගොඩ නොකර සෑදිය හැකි නගරයක් නොමැත. රක්‍ෂිතයන් එලි නොකර සෑදිය හැකි ගොවිපොළවල් නොමැත. අලි මිනිස් ගැටුම් සහ කොටි මිනිස් ගැටුම් ඇති නොකර සෑදිය හැකි ගම්මානයන් නොමැත. ගොඩ සහ මඩ වගා බිම් හීන වෙමින් යයි. රට තුල ස්වයං පෝෂිත ආර්ථිකයක් ඇති කිරීමට ඇති ඉඩ ප්‍රස්තා අවහිර වෙමින් යයි.

ආර්ථික විෂමතා අඩු දියුණුවූ බොහෝ රටවල් ආදර්ශයට ගනිමින් අප අපගේ ජනගහනය පාලනය කිරීමට ඉදිරිය දක්නා ප්‍රතිපතීන් ගෙනආ යුතුය. වරක් දකුණු ආසියාවේ ධාන්‍යාගාරය නමින් පටබැදි ශ්‍රී ලංකාව තුල මෙවන් අධික ජනගහනයක් සිටියේ නැත. අප සොභාව ධර්මයට ගරු කරන ඒ සමග සුසංයෝගීව ජීවත්වවූ බෞද්ධ ජන සමාජයක් වශයෙන් සොභාව ධර්මයේ ජීවත්වන සතා සිවුපාවා ගැන මීට වඩා සංවේදී වියයුතුව ඇත.

තවද, එක කෝණයකින් බලනා විට, නිදහස යනු බටහිර රටවල් අපට ඉගැන්වූ සංකල්පයන් නොව අප භෞතික සොභාව ධර්මය සමග ඇති බැදියාව මත පදනම් වන භෞතිකව අත් විදිය හැකි දෙයකි. ඔබ සහ සොභාව ධර්මය අතර ඇති දුර වැඩි වන විට ඔබ නොදැනුවත්වම නිදහස නැතිවී ගොස් ඇත. එය හරියට ඔබ මහල් නිවසක ඉහල යෑමට පාවිච්චි කරනා ලිෆ්ට් යන්ත්‍රයක් තුල සිටිනා විට එහි උපරිම දරිතාවය දක්වා පුද්ගලයින් ගොඩවූ විට දැනෙන හැගීම වැනිය. පුද්ගලයින් අඩුවන තරමට තමන්ගේ නිදහස ඉහල යන බවක් හැගේ. එය සොභාව ධර්මය තුල භෞතිකව අත් විදිය හැකි දෙයකි.

සෑම හන්දියකම ත්‍රවීල් මලිලා ටිකක්; මීටර සීයෙන් සීයට loudspeakers බැදපු පන්සලක්, පල්ලියක් හෝ කෝවිලක්; පාරේ යන්න බැරි තරමටම පිරී ඉතිරී ඇති වාහන ගොඩක්; සෑම කන්දක් උඩම building එකක් හෝ ආගමික ප්‍රතිරූපයක්, අපිළිවෙලට හදල තියෙන හැම නගරයකම මහ ජන කදක් - මෙවන් දේ  ඔබට ප්‍රියද? මම මේ ඔබගේ සිතේ අදින්න හදන චිත්‍රය හරියටම අර මිනිසුන්ගෙන් පිරිණු lift එකක් වගේ තැනක්, හුස්ම ගන්නත් අමාරුයි.

තවද 1820දී සියයට එකක් (1%) පමණවූ මුස්ලිම් ජනගහනය අද 10% පමණවී ඇත. ක්‍රිස්තියානි ජනගහනයද එසේමය වැඩිවී ඇත. හින්දු ජනගහනයද එසේමය වැඩිවී ඇත. අද ජනගහන වර්ධන වේගය 0.63 වන රින අගයක පැවතියද, ශ්‍රී ලංකාවේ බෞද්ධ අන්නන්‍යතාවය ආරක්ෂා වන පරිදි සභුද්දික ජනගහන පාලන ප්‍රතිපතීයක් රැගෙන ඒමට කාලය පැමිණ ඇත. 

ඒ සදහා ඔබ පළමුව ඔබගේ දේශපාලන නියෝජිතයා දැනුවත් කල යුතුව ඇත. එසේ නැතිනම් සභුද්දික ජනගහන ප්‍රතිපතියක් වෙනුවෙන් හඩක් නගනා අමිත් වීරසිංහ (Amith Weerasinghe) වැන්නකු දේශපාලනයට රැගෙනආ යුතුය. 

මෙම කාලය අපට නිදහස්ව සිතීමට ඇති කාලයයි. 

පුහු මානව හිමිකම් කර පින්නාගෙන රට අරාජික කිරීම පසෙක තබා අප සියල්ල එකතුවී කැප කිරීම් කිරීමට කාලය පැමිණ ඇත.


 

කර්තෘ - ඒ.වී. අනුරාධ සම්පත්

අධ්‍යාපනය - පශ්චාත් උපාධි - ජාත්‍යන්තර ආරක්ෂාව සහ නීතිය ඩෙන්මාර්කය බීඒ (ගෞරවයජාත්‍යන්තර දේශපාලනය - එක්සත් රාජධානිය.


Comments

Popular posts from this blog

Prospect of Economic development - Post Covid-19 Sri Lanka

Whole country is in turmoil – aftermath of 21 April 2019

Reply to Ryan Goodman 2 of 4 - What does Goodman leave out?