Posts

Showing posts from August, 2021

කුඹුරට එන කුණු ප්‍රශ්ණය විසදීමට ඒකාධිපති පාලනයක අවශ්‍යතාවය - ගඳගසන නිලධාරීවාදය

Image
ම ගේ පසුගිය artical වලින් පැහැදිලි කලේ මානව හිමිකම් කියන්නේ හරියට හොදට සශ්‍රීකව හැදුනු ගසක පිපෙන මල් වගේ දෙයක් කියල. ඒ කිව්වේ මල් වලට කිසිම සම්බන්දයක් නැති සංගටකවල (පස , වතුර , ඉර එලිය) දීර්ග කාලීන මුසුවකින් පස්සේ , ගසක සුවද හමන මල් හට ගන්නවා වගේ තමයි මානව හිමිකම් ලගාකරගන්න ඉස්සෙල්ල රටේ සුභසිද්ධියට නොපිරිහෙලා වැඩකරන ඒකාධිපති දේශපාලන අධිකාරියක් විසින් ඒ රටේ මනුෂ්‍යයින්ගේ හිතේ එම දේශපාලන අධිකාරිය වෙනුවෙන් ඇතිකරන බිය ( fear) දීර්ග කාලයක් පුරාවට පවත්වාගෙන ගියහම ඒ මත තමයි දේශපාලන ස්ථාවරත්වය ( political order) සහ එහින් උපදින නීතිය සහ රීතිය ( law and order and customs) බිහිවෙන්නේ කියන කාරණය. ඒ මත තමයි රටවල් සශ්‍රීක වෙලා තියෙන්නේ කියන කාරණය. එය එසේ කිරීමට රජයකට අවශ්‍ය හිංසනයේ ඒකාධිපතිත්වය ( monopoly of violence) පාවිච්චි කිරීමේ සාධාරණ අයිතිය සෑම දේශපාලන අධිකාරියකටම ඇති බවත් මම පැවසුවා. මම මෙම කරණා සොභාව ධර්මයේ තියන නීති සහ රීති වලට අනුකුල වන බවත් , දැනට යුරෝපයේ සහ අනිත් දියුනුවුවා යැයි පවසන රටවල් මෙලෙස දියුණුවී ඇති බවත් , මානව අයිතිවාසිකම් කියන්නේ හුගක් වෙලාවට ඔවුන්ගේ රටවල් වලත් සුළුතරයට නැති

ප්‍රචණ්ඩත්වයේ ඒකාධිකාරය - Monopoly of violence

Image
1989දී චීනයේ දේශපාලන ස්ථාවරත්වය පිහිටවීමට චීන කොමුනිස්ට් පක්ෂයට විශ්ව විද්‍යාල සිසුන් දෙසීයකට වැඩි පිරිසක් වෙඩිතබා ගාතනය කිරීමට සිදුවිය - සමහරුන් එය දෙදහසක් පමණයයයි කියයි. ඒ කෙසේ නමුත් වසර තිහකට පසු චීනය ලෝකයේ දැවැන්තම ආර්ථික සහ යුදමය ශක්තිය හිමි රට බවට පත්වෙමින් ඇත.  ශ්‍රී ලංකා රජයටද රටේ අනාගතය වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට කාලය පැමිණ ඇත. රටක ස්ථාවරත්වය බිහිවනුයේ එහි ප්‍රචණ්ඩත්වයේ ඒකාධිකාරය රජය විසින් මානව පිහිටවූ පසුවය. මෙය සරල සොභාව ධර්මයේ නියමයන්ට අනුකුලය. බටහිය සමාජ විද්‍යා විශාරදයකු වන Max Webber මෙය සංකල්පයක් ලෙස සංකල්පය ගතකර ඇති නමුත් අපට මේ සරල සොභාව ධර්මයේ නියමය මහ පොලවේ උදාහරණ වලින් තේරුම් ගතහැක. දේශයක් ගොඩනැගීමේ ප්‍රදාන සාධකය වන්නේ මහ ජනතාව තුල එම දේශයේ නීති රීති වලට ඇති බියයි. මෙම නීතිය සහ රීතියට ඇති බිය ( fear) මුලින්ම  මිනිසා තුල ඇති වන්නේ ඔහුට (ගෝත්‍රයේ / රැහේ / ප්‍රථමික ජන සමාජයේ) නායකයට ඇති බිය මතයි. සොභාව ධර්මයෙන් නායකයට උරුමවූ ශරීර ශක්තිය ඔහු මේ සදහා යොදා ගනී. සමහරවිට ඔහු නුවණින් හීන උවද ඔහු ඔබව මැරීමට දෙවරක් නොසිතයි. ඔබ ඔබගේ නායකයට විරුධව කතා කිරීමට හෝ ඔහුට විරුධව කැ

මුස්ලිම් ජනගහනය සහ රටේ ජනගහනය පාලනය

Image
එක්දහස් අටසිය විස්සේ (1820) ශ්‍රී ලංකා ජනගහනය ලක්ෂ අටක් (800,000) පමණ විය . එක්  ද හස් නවසිය විස්ස වනවිට ජනගහනය මිලියන දෙක (2,000,000) දක්වා වැඩිවී තිබුණි. අද , දෙදහස් විස්සේ , (2021)  ජනගහනය  මිලියන විසි තුන (23,044,123) ඉක්මවා ඇත. දෙදහස් පනහ (2050) වනවිට ජනගහනය මිලියන විසිහත (27 , 000 , 000) කිට්ටු කිරීමට නියමිතය. මෙම ජනගහනය රටේ භූමියට සහ එහි ඇති සීමිත සම්පත් වලට තිරසාර නොවනබව සාමාන්‍ය දැනුම අත්තන්හට වැටහෙනු ඇත.  රට සෞභාග්‍ය කරා ගෙනයන ඉදිරි ගමනකට ජනගහනය පාලන කරනා ප්‍රතිපත්ති අනිවාර්යවේ. ජනගහනය පාලන කරනා ප්‍රතිපත්තින් රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවය ආරක්ෂා කරන අතරම සුළු ජන කොටස්වල අනන්‍යතාවයද ආරක්ෂා කල යුතුය. ආදී කාලයේ පටන් මුහුදුබඩ වරායවල් ආශ්‍රිත ජනසමාජයට තුර්කීය මුස්ලිම් ජාතිකයන් ආගන්තුකයින් නොවීය. ඔහුන් රට තුලට පැමිණ රටේ රජතුමන්හට බදු ගෙවීම වෙනුවට සන්තෝසම් ප්‍රදනයකර ඔහුන්ගේ බඩු බාහිරාදිය සමග ගමක් ගමක් පාසා වෙළදාමේ ගියෙය. රට තුල ඇති කුළුබඩු මිලදීගෙන ඔහුන් ගෙනආ භාණ්ඩ , බහුතරයක් චීනයෙන් ගෙනා සළු පිලි සහ සෙරෙමික් , විකුණා නැවත යන්නට ගියේය.  එක්  ද හස්  පන්සිය ගණන් වල මුස්ලිම් ජාතික

දේශපාලන අධිකාරිය සහ පුහු මානව හිමිකම්

Image
මා නව අයිතිවාසිකම් කියන්නේ හොඳට හැදුන ගහක පිපෙන මල් වගේ දෙයක්. ඉස්සෙල්ලා සොභාව ධර්මයට අනුව ගහට හොදට පැල වෙන්න දෙන්න ඕනේ. ඒකට ඕනෙ ඉර එළිය, හොඳ පසක් සහ වතුර. සුවද හමන මලුයි ඉරයි, පසුයි සහ වතුරයි අතර පියවි ඇසට පෙනෙන්න කිසිම තර්කානුකුල සම්බන්දයක් නැහැ.නමුත් කාළයක් ඒවා හොඳට ක්‍රමවත්ව ලැබුණාම මල් ඉබේම හටගන්නවා. බොටනි දන්න අයට එය විද්‍යාවක්. ඒවගේම රට දියුණු කිරීමේදීද පියවි ඇසට පෙනෙන්න කිසිම තර්කානුකුල සම්බන්දයක් නැති සංඝටක එකතු උනහම තමයි සාර්ථක සොභාග්‍යමත් රටක් ගොඩනගන්න පුලුවන්. එයත් විද්‍යාවක්. එයට අවශ්‍ය මහා ජනතාව තුල දේශපාලන අධිකාරියට තියන බිය සහ  දේශපාලන අධිකාරිය ජාතික අවශ්‍යය මානව හදුනාගෙන ඒ වෙනුවෙන් දීර්ග කාලීනව සහ අවංකව වැඩ කිරීම.  න මුත් බටහිර හිවල් දේශපාලනයට අනුව සාර්ථක සහ ශක්තිමත් රටක් ගොඩනගන්න අවශ්‍ය එකම සංඝටකය මානව අයිතිවාසිකම්ලු. මෙය බටහිර රටවල් විසින් දියුණු වෙමින් පවතින රටවල් පාලනය කිරීමට ගන්නා උපාය මාර්ගයක් පමණය.   දැනට පවතින බහුතරයක් ශක්තිමත් කියන රටවල් හදල තියෙන්නෙ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරල නෙමෙයි. යුරෝපය සහ උතුරු ඇමෙරිකානු රාජ්‍යවල් ශක්තිමත්වෙලා තියෙන්නේ අවුරුදු හාරසිය

භාෂණ නිදහසට මුවාවී පාර්ලිමේන්තුව තුල බොරු බේගල් ප්‍රකාශ කිරීම රටේ මහ ජනතාවට නිග්‍රහ කිරීමකි

Image
පා ර්ලිමේන්තුව රටේ උතරීතරම ආයතනයි. එම ආයතනයතුල ප්‍රකාශ කරන සියලු ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් රටේ ප්‍රෞඪත්වය සහ අභිමානය ඔසවා තැබිය යුතුය. එහිදී භූමික අඛණ්ඩතාවය පලුදුවන ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් කීරීම නීතියෙන් සහ රීතියෙන් දඩුවම් ලැබිය යුතු වරදවල් විය යුතුය. එවන් පලුදුවන ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් කරනා ඇමැතිවරුන්ගේ ඇමැතිදුර අහෝසි කෙරීමේ සිට ඔහුන්ගේ ප්‍රජා අයිතීන් අහෝසිකීමට පැකිලීමකින් තොරව කටයුතු කිරීමට පාර්ලිමේන්තු මුලසුන හොබවන කථානායක ධුරයට සහ/ හෝ  ජනපතිට හැකියාව තිබිය යුතුය. භාෂණ නිදහසට මුවාවී බොරු බේගල් ප්‍රකාශ කිරීමට ඉඩදීම රටේ මහ ජනතාවට නිග්‍රහ කිරීමකි. ප්‍රකාශ කරනා කරුණු රටේ භූමික අඛණ්ඩතාවයට , ස්වෛරීත්වයට සහ මහජන සුසංයෝජනයට පටහැනියැයි හැගී යන්නේනම් ජනපතිගේ අවසරය මත පමණක් රටේ උතරීතරම ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීමට හැකියාවක් තිබිය යුතුය. සිංහල බෞද්ධ රටක් තුල රට තුල ඇති මහා ජනතාවගේ නීතින් සහ රීතින් ආරක්ෂා නොවන්නේනම් සුළුතරයන්ගේ භාෂණ නිදහස හෝ මුලික අයිතිවාසිකම් රැකීමෙන් රටට ඵලක් නැත. එය සොභාව ධර්මයේ නීතින් සහ රීතින් උල්ලංගනය කිරීමකි. දේශද්‍රෝහීන් බිහිවීමට ඉනිමං තැබීමකි. මෙම කාලය අපට

ගුරු මෝඩයින්ට සහ ශික්ෂණයක් නැති ශිෂ්‍යයයින්හට පාඩම් කියා දීමට කාලය පැමිණ ඇත

Image
බ ටහිර රටවල්වල බිහිඋනු මනංකල්පිත සංකල්ප කරපින්නාගත් ගුරුවරුන්යැයි කියාගත් පිරිසක් සහ ශිෂ්‍යයින් පිරිසක් වීදි බැස ඇත. මුළු ලෝකයම ආර්ථික වියසනයකට මුහුණදී ඇති අවස්තාවක ගුරු පඩි වැඩිකිරීම් සහ පෞද්ගලික විශ්වවිද්‍යයාල තහනම් කිරීම් වැනි සටන් පාට ඔහුන්ගේ ලෝකයේ විශාලතම අරබුද විඇත. සෑම විටම රජය පෙරලීම පමණක් දේශපාලන අරමුණ කරගත් සියලු සුළුතර පක්ෂ ඔහුන් පසුපසින් සිටි. එයට අමතරව රට අරාජිකත්වයට ගෙනයාම මුලික අරමුණ කරගත් බටහිය ඒජන්තයින් මේදෙස ඇස් ආය බලාසිටින වග රහසක් නොවේ. දේශීය කුණුහරුප දාර්ශනිකයින් සහ සමහර විශ්වවිද්‍යාල ගුරුවරුන් බටහිය සංකල්පවල මනා ගොදුරුය. දේශය ගොඩනැගීම විද්‍යාවකි. එය නොදත්උන් හට සමාව දිය යුතුඋවද එය නොදන්නාසේ හැසිරෙන හිවලුන් රටේ දේශද්‍රෝහීන්ය. රටේ අනාගතය වෙනුවෙන් මොහුන් තුරන් කිරීමට කාලය පැමිණෙමින් තිබේ. කොවිඩ් වසංගතය හමුවේ ලෝකයේ සෑම දියුණුවෙමින් පවතින රටක්ම සහ සමහර දියුණුවූ රටවල් පවා මුහුණදී ඇති විදේශ විනිමය හිගකම, දේශීය ආර්ථික ක්‍රියාකාරකම් අවමවීම නිසාවෙන් ඇතිවී ඇති දේශීය ආර්ථික අපහසුතා අපමණය සහ අනෙකය. උදාහරණයක් වසයෙන් ඇමරිකා එක්සත් ජනපදය පසුගිය වසර දෙක තුල මුද්‍රණය කරඇති පමණක් මු