Collecting centers - ප්‍රතිචක්රීය කරණ මධ්යස්ථාන - සෑම ගමකටම අවශ්‍යයයි

පාර පුරා තැන්  තැන් වල කොන්ක්‍රීට් කෑලි, පොලිතින් උර නැති තැනක් නැහැ, වීදුරු බෝතල් සහ වීදුරු කෑලි පදුරු අස්සේ, පොලිතින් වලිනුයි ප්ලාස්ටික් බෝතල් වලිනුයි සමහර කාණු පිරිලා. ගෙවල් වල එකතුවෙන විදුරුයි, කොන්ක්‍රීට් කෑලියි පොලිතින් වලටයි කරන්න දෙයක් නැහැ. පාරේ ගහක් කපුවහම ඒක එතනම තමයි දිරනකන්. ගෙදරක උනත් ගහක් කැපුවම දාන්න තැනක් නැති වෙන්න පුළුවන් සමහර විට. 

මේ හැම දෙයක්ම ගිහිල්ල දන්නා පුළුවන් recycling centers හැම ග්‍රාමසේවා වසමකම, අඩුම තරමින් කිලෝමීටර 2-3 එකක් ගානේ වත් හදන්න ඕනේ කාලේ හරි දැන්.

Tourim දියුණු කරන්න හදනවා පාරවල් පුරා කුණු තියාගෙන. ටව්මකට යන්න බැහැ ගද ගහනවා. කුණු ගොඩවල් තැන්  තැන් වල. මේ ග්‍රමසේවකයෝයි නගරාධි පති වරුයි, ප්‍රාදේශීය ලේකම් වරුයි මොනවා කරනවද මන්ද.

දවස් කීපයකට ඉස්සෙල්ල මට වෙච්ච අත්දැකීමක් කියන්නම්. 

අපි කුබුරක් කරනවා මිනුවන්ගොඩ ටවුන් එකට කිටුවෙන්. කිසිම ලජ්ජා බයක් නැතිව ටවුන් එකේ එක කොටසක් කුණු දාන්නේ අපේ කුබුරට වතුර එන කාණුවට. මොකද වෙන්නේ උතුරන්න වහිනකොට කාණුව පිටාර ගලල ඔක්කොම හිරවෙලා තියෙන කුණුටික කුබුරට එනවා. නිතරම පොලිතින් උරයි, ප්ලාස්ටික් බෝතලුයි, වීදුරු බෝතලුයි කුබුරට එනවා. විදුරු කටු වලට කකුල් කැපුණු අය එමටයි. මමයි, මගේ තාත්තයි, මල්ලි මේ මහ කන්නේට කුබුරේ තියන ප්ලාස්ටික් ඔක්කොම එකතු කරලා වේලලා ගිනි තිබ්බ, වෙන කරන්න දෙයක් නැති හින්ද. අපි අලුතෙන් කරන කුබුරු කැල්ලක විදුරු බෝතලුයි විදුරු කටුයි එකතු කරා පොහොර උරයක් පිරෙන්න. ඒවා මඩ වැදිලා ජරා වෙලා. එක ඉතින් හැටිනේ. 

මම මේ විදුරු ටික අරගෙන ගියා මිනුවන්ගොඩ නගර සභාවට. ඇහැව්වා ඒ ටික දාන්න තැනක් තියෙනවද කියල. නැ කිව්වා. අයෙත් ඒ ටික මගේ බයිසිකල් එකේ තියාගෙන ආව ආඩිඅම්බලම ප්‍රදේශීය උප ලේකම් කාර්යාලයට. එයාල ගාව විදුරු එකතු කරන තැනක් තියනවා කියල මම දැනගෙන හිටිය. එතෙන්ට ගිහාම ඒ මනුස්සය කියනවා කැඩිච්ච විදුරු ගන්නේ නෑලු. ගන්නෙත් සුදු විදුරු විතරයිලු. එකත් හොදට හෝදල ගෙන්න ඕනේ කිව්වා. මට මේ තැන දෙකේදීම හොද කුණුහරුප කටට ආවට මොනවත් නොකිය හිනා වෙලා ඒ විදුරු කටුටිකත් අරගෙන ගෙදර අව. අපේ අම්මයි තාත්තයි දැන් අවුරු හතළිහක් තිස්සේ විසිකරන්න බැරුව එකතු කරලා තියෙන විදුරු ගොඩට මේ විදුරු ටිකත් එකතු කලා.  

අපේ රටේ ලක්ෂ 15ක් රාජ්‍ය සේවකයෝ ඉන්නව. නගරසභා වල, කෘෂිකර්ම කාර්යාල වලට අනුයුත්ත සේවකයෝ ඉන්නවා. නමුත් අපේ රටේ පාරේ පුරා පොලිතින් උරයි, විදුරු බෝතලුයි හැම තැනම. සමහර නගර සභා වලින් එකතු කරනවා තමයි මෙව්වා, නමුත් එයාලත් කරන්නේ ගිහිල්ල කොහෙටහරි විසි කරලා දාන එක. අපි පරිසරයට ආදරෙයි නම් නගර සභාවට දීල අත පිහද ගන්නත් බැඒ හින්ද. එකතු කරන්නම් වාලේ එකතු නොකර පිළිවෙලකට හැම ගමකම එක තැනක් තියනවනම් අපිට මේවා ගිහිල්ල දන්නා, මිනිසු මේවා පාර පුරා විසික්කරන්නේ නැනේ. 

ප්‍රතිචක්රීය කරණ මධ්යස්ථාන වලින් ඇවිල්ල ඒවා අරගෙන ගිහිල්ල මොනවහරි production එකක් කරන්න පුළුවන් අනිවාර්යෙන්ම. ආණ්ඩුවෙන් subsidies දීල ඒක කරත් ඒක රටක් විදිහට වටිනවා. රට පිරිසිදුව තියාගන්න ඒක රුකුලක් වෙන නිසා. 

අපි එකතුවෙලා මේකට campaign එකක් කරන්න ඕනේ.

මෙම කාලය අපට නිදහස්ව සිතීමට ඇති කාලයයි.



කර්තෘ - ඒ.වී. අනුරාධ සම්පත්

අධ්‍යාපනය - පශ්චාත් උපාධි - ජාත්‍යන්තර ආරක්ෂාව සහ නීතිය - ඩෙන්මාර්කය / බීඒ (ගෞරවය) ජාත්‍යන්තර දේශපාලනය - එක්සත් රාජධානිය.

Comments

Popular posts from this blog

Prospect of Economic development - Post Covid-19 Sri Lanka

Whole country is in turmoil – aftermath of 21 April 2019

Reply to Ryan Goodman 2 of 4 - What does Goodman leave out?