ශ්‍රී ලංකාවවේ ආර්ථිකය ගැන සිතීමට නව විද්‍යාත්මක පිවිසුමක්

දේශයේ සොභාවික උරුමයන්ට අනුව දේශය තුල සිටිනා සියලු සත්වයින්ටමිනිසුන්ද ඇතුලත්වපහසුවෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය වී එහි ආනයන වියදම සහ අපනයන ආදායම සමතුලිත වී තවද සෑම වසරකම යම් අතිරිත්යකට හිමිකම් කිවයුත්තේ දේශයට සොභාව ධර්මයෙන් උරුමවී ඇති මහ පොලොවෙන් සහ දේශයට අයිති සාගර සම්පත් වලින් පමණි. දේශයක් තුල ජනගහනය අසීමිත ලෙස ඉහල යනවිට රටක් ස්වයං පෝෂිත වීමට ඇති අවකාශය ඇහිරී යයිසමහරක් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම දේශයක අනිවාර්යය අංගයක් වන බැවින්ආනයන වියදම් වැඩිවේඑහෙයින් අපනයනයට අවශ්‍යය භාණ්ඩ හා සේවා නිපද වීමට අවශ්‍යය භුමි ප්‍රමාණයද ඇහිරී යයිඒක පුද්ගල ආදායම ඉහල නැංවීම අසීරුවේපුද්ගල නිර්මාණශීලි අවකාශය ඇහිරී යයිතවද ගෝලීය උෂ්ණත්වය ඉහල නැංවීමට හේතු වේ. ශ්‍රී ලංකීය භූමියට අවේනික විද්‍යාත්මක චින්තන දරාවක් ජනගහණය පාලනය කිරීම තුලින් අනිවාර්යයෙන්ම ඇරබිය හැක.  

උදාහරණය විදිහට ගමු මේ අපේ උතුම් මාතෘ භුමියශ්‍රී ලංකාව.  

අපේ රටට හිමි වර්ග කිලෝමීටර ගණන 65,000 ආසන්නයි. 1820 ලංකාවේ ජනගහනය ලක්ෂ 8. අද ජනගහනය ලක්ෂ 233 යි.

1820 ඉදල අද වෙද්දී ජනගහණය විසිහත් (27) ගුණයකින් ඉහල ගිහිල්ල තියෙනවා. ඒ කියන්නේ රටට අවශ්‍යයපරිප්පුලුණුකහ සහ සහල් නෙවේ සියලු භාණ්ඩ හා සේවා වල අවශ්‍යයතාවය 27ත් වඩා වැඩි ප්‍රමාණයකින් ගුණයකින් ඉහල ගිහිල්ල තියෙනවා. මෙයට සංසන්දනාත්මකව වගා ඉඩම් ප්‍රමාණය 27ත් ගුණයකින් ඉහල ගිහිල්ල තියෙනවදඔබ මොහොතකට සිතුවාද අපේ මෙම මාතෘ භුමිය තුල පහසුවෙන් ජීවත් විය හැකි මිනිසුන් ගණන කියද කියා

මම මෙතන ජනගහණය අද සිට පාලනය කිරීමට නීති රෙගුලාසි ඕනේ කියල කියනවා නෙමයි. නමුත් අපි විද්‍යාත්මක පදනමක ඉදල මේ වර්ග කිලෝමීටර 65,000 තුල ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ආරක්ෂා වෙන පරිදි දේශය පවත්වාගෙන යාමට ජනගහනය කීයක් සිටිය යුතුද කියා පරීක්ෂණ ආරම්භ කල යුතුයි. ඒ මත රාජ්‍ය ප්‍රතිපතියක් සෑදිය යුතුයි. එම රාජ්‍ය ප්‍රතිපතිය ක්‍රමානුකුලව ක්‍රියාවට නැංවිය යුතුයි.  

සෑම රටකටමසෑම ජන කොටසකටමසෑම පුරවැසියෙකුටම පාවිචි කළහැකි පොදු දැනුම් පද්දතීන් තියනවා. ගණිතයජීව විද්‍යාවරසායන විද්‍යාවභවුතික විද්‍යාවන් ඒ වගේ දැනුම් පද්දතීන්. මෙම දැනුම් පද්දතීන් අපගේ පෘතුවිය තුල කොහේදී apply කරත් එකම උත්තරය තමයි එන්න ඕනේ. ජීව විද්‍යාව තුල සහ රසායන විද්‍යාව තුල නව සොයාගැනීම් කළහැකි මුත් එම සොයාගැනීම් නැවතත් ගෝලීය පොදු දැනුම් පද්දතීන් වලට එකතු වෙලා අර මුලික විද්‍යාවන් පෝෂණය කරනවා. අපි මෙම දැනුම් පද්දතීන්ට ගෝලීය දැනුම් පද්දතීන් කියමු.

සමාජ විද්‍යාවදේශපාලන විද්‍යාවමනෝ විද්‍යාවආර්ථික විද්‍යාව වගේ දැනුම් පද්දතීන් ගැන මොකද හිතන්නේමේම දැනුම් පද්දතීනුත් ගෝලීයයි. නමුත් මෙම විද්‍යාවන් මෙම විද්‍යාවන් apply කරන භූමියට සාපේක්ෂව විග්‍රහ කරගත යුතුයි - දැන් වෙන්නේ එක නෙවයි. නීතිය හැම වෙලාවේම යුද්ධය දිනපු විජයක්ග්‍රහයකයාගේ නීතිය වන්නා සේම මෙම ද්විතීය විද්‍යාවන් පවා විජයක්ග්‍රහයකයාගේ උවමනාවට සෑම රටකම සෑම ජන කොටසකටම පොදුයි කියන මතවාදය තමයි දැනට ලෝක බල අධිකාරිය හසුරවන බලවතාගේ පිළිගැනීම. නමුත් ලෝක ගෝලයට නිශ්තිත වපසරියක් තියනවා වගේම හැම රටකටම නිශ්තිත වපසරියක් තියනවා. මේ සෑම රටක්ම සොභාවිකව ලෝක ගෝලයේ පිහිටා ඇති ස්ථානයට සාපේක්ෂව සුර්ය රශ්මිය ලැබෙන ප්‍රමාණය සහ එහි ත්රීව්ර තාවයසුලං ප්‍රවාහයේ ගතිලක්ෂණවර්ෂාපතනය ලැබෙන ප්‍රමාණය සහ භුමියේ විෂමතාවය අනුව මෙම ද්විතීය විද්‍යාවන් apply කරගන්න ඕනේ. මොකද සොභාවික සම්පත් සෑම රටකටම සමව බෙදී නැහැ. සාර්ථක දේශපාලන වියාපරයක සහ දේශපාලන නායකත්වයක් අවශ්‍යය වෙන්නේ රට තුල තිබෙන මෙම සොභාවික සම්පත් වලට අනුව එම සම්පත් ආරක්ෂා කරගන්නා ගමන් එයට අනුකුලව දේශය පාලනය කිරීමටයි.  

හරි දැන් මෙම නිශ්චිත වපසරින් සමාජ විද්‍යාවදේශපාලන විද්‍යාවමනෝ විද්‍යාව සහ ආර්ථික විද්‍යාව වගේ ද්විතීය විද්‍යාවන් වලට සීමාවන් පනවන්නේ කොහොමද කියල තමයි අපිට කතා කරන්න වෙන්නේ.

මේකෙදි අපි ඔක්කොටම මේකට එකග වෙන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් මේක අලුත් විද්‍යාත්මක පිවිසුමක් නෙවයි. මගේ ආරම්බය ලක්ෂය තමයි දේශයක නිශ්චිත වපසරියක් තුල වාසය කළහැකි ජන සංකයාව නිශ්චිත විය යුතුයි කියන එක. තව විදිහකට කියනවනම් මෙම ලෝක ගෝලය තුල පහසුවෙන් ජීවත් වියහැකි ජන සංකයාව නිශ්චිත විය යුතුයි.

ලෝක ජනගහනයට සීමාවක් තිබිය යුතුනම් සියලු රටවල් හට උපත් පාලන ප්‍රතිපත්තීන් තිබිය යුතුයි අධ්‍යාපනයෙන් පෝෂිත සහ ආර්ථික ස්ථාවරත්වයයෙන් පරිපුර්ණ වටපිටාවක සිටිනා ගැහැණිය සොභාව ධර්මයෙන්ම අඩු ප්‍රතිසතයකින් දරු ප්‍රසුතීන් කරනා බවට දියුණුවූ රටවල් ඔප්පුකර ඇති සේමදේශපාලනික මැදිහත්වීමකින් තොරව සිදුවූ මෙම ක්‍රියාදාමය තුලඔවුන්ගේ ශ්‍රම බලකාය හීනවී යාම පිළිබද එම රටවල් වලට ගැටලු පැනනැගී ඇත. මගේ අර්තකථනය මෙසේ ඉබේ සිදුවන දෙයකට උල්පන්දන් ඇලීමක් නොවෙයි. මෙම ක්‍රියාව සභුද්දික දේශපාලන මැදිහත්වීමක්. තවදුරටත් මෙවන් දේශපාලනික උපත් පාලන ප්‍රතිපතීන් රටක අන්න්‍යතාවය ආරක්ෂා කරනා දේශපාලන මෙවලමක්. නමුත් මෙය මවු වරුන්ගේ සොභාවික අයිතීන් උල්ලංගනය කිරීමක්. දැන් ඔබට පැහැදිලිවෙන්න ඕනේ අපි ඉහත සදහන් කරපු ද්විතීය විද්‍යාවන්දේශපාලනසමාජමනෝ සහ ආර්ථික විද්‍යාවන්නිශ්චිත දේශපාලන වපසරින් තුල apply කරගන්න සිද්ද වෙනවා කියන කරනය.

උදාහරණය විදිහට ගමු මේ අපේ උතුම් මාතෘ භුමියශ්‍රී ලංකාව.  

අපේ රටට හිමි වර්ග කිලෝමීටර ගණන 65,000 ආසන්නයි. 1820 ලංකාවේ ජනගහනය ලක්ෂ 8. අද ජනගහනය ලක්ෂ 233 යි.

1820 ඉදල අද වෙද්දී ජනගහණය විසිහත් (27) ගුණයකින් ඉහල ගිහිල්ල තියෙනවා. ඒ කියන්නේ රටට අවශ්‍යයපරිප්පුලුණුකහ සහ සහල් නෙවේ සියලු භාණ්ඩ හා සේවා වල අවශ්‍යයතාවය 27ත් වඩා වැඩි ප්‍රමාණයකින් ගුණයකින් ඉහල ගිහිල්ල තියෙනවා. මෙයට සංසන්දනාත්මකව වගා ඉඩම් ප්‍රමාණය 27ත් ගුණයකින් ඉහල ගිහිල්ල තියෙනවදඅපි හැමෝටම ඕනේ තියන පහත් බිමත් කොහොම හරි ගොඩ කරන්න.

ඔබ මොහොතකට සිතුවාද අපේ මෙම මාතෘ භුමිය තුල පහසුවෙන් ජීවත් විය හැකි මිනිසුන් ගණන කියද කියා 

මෙම වර්ග කිලෝමීටර ගණන තුල අප රටට අවේනික ගහ කොළසතා සුවූපාවා සහ සියලු දෙනා පහසුවෙන් ජීවත්විය යුතුයි. රට තුල සිටින සියලු මනුෂ්‍යයින්ට සහ සත්වයින්ට අවශ්‍යය ඔක්සිජන් අපගේ රට තුල ඇති තුරුලිය මගින් සපයා ගත යුතුයි - ලෝක ගෝලය බ්‍රමණය වන බවත්සාගරයේ ජල වාෂ්ප වලින් ඔක්සිජන් නිපදවෙන බවත්ගහ කොළ නැති මැද පෙරදිග රටවල් වාසය කරනා මිනිසුනුත් හුස්ම ගන්නා බව නොපවසන්න.  අපගේ සත්ධන්ත වන අලින් සහ අපගේ දුර්ලබ කදුකර කොටියාගේ සහ පහතරට කොටියාගේ දිවිපෙවත ආරක්ෂා වියයුතුය. අපගේ දේශය තුල ඇති සියලු සත්වයාටජනගහනයද ඇතුළුවඅවශ්‍යය ආහාර පාන මෙම භුමියේ සොභාව ධර්මය තුලින් පහසුවෙන් සපයා ගත හැකි විය යුතුයි.

තවදුරටත් අපගේ භුමි ප්‍රමාණයෙන් සපයා ගත නොහැකි යයිනිශ්චිත මොහතක නිගමනයකට පැමිණෙන, ආනයනය කලයුතු සියලු අමු ද්‍රව්‍ය සහ භාණ්ඩ සහ සේවා වල මුල්‍ය වටිනාකමට සරිලන අපනයන අගයන් අනිවාර්යයෙන්ම මෙම භුමිය තුලින්ම නිපදවිය යුතුයි.

එසේ කිරීමටනම් අප රට තුල අතිරිත්තයකින් නිපදවිය හැකි භාණ්ඩ සහ සේවා මානව හදුනාගෙනනිෂ්පාදනය කර අවසානයේ අපනයනය කල යුතුය. සරල උදාහරණයන් නම් අප වාහන ජපානයෙන් ආනයනය කිරීමට භාවිතා කරනා මුදලට සමාන භාණ්ඩ හෝ සේවා ප්‍රමාණයක් ජපානයටහෝ වෙනත් රටකයඅප අනිවාර්යයෙන්ම අපනයනය කල යුතුය. අපගේ ඩුරියන් වලට ජපානයෙන් අනර්ග ඉල්ලුමක් පවතී. අපගේ අලිගැට පෙර වලට ජපානයෙන් අනර්ග ඉල්ලුමක් පවතී. එසේනම් අප මහා පරිමාණයෙන් මෙම බෝග වගා කල යුතුය. එය එසේනම් ශ්‍රී ලංකාවේ ජන ගහණය තීරණය කරනුයේ මේ සියලු කරනා පදනම් කරගෙන විය යුතුය. අප රටේ වල්ල පට්ට වගාවසුදු හදුන් වගාවකෝමාරිකා වගාව වැනි වගාවල් මහා පරිමාණයෙන් ස්ථාපිත කිරීමෙන් අපනයන අදායම් තර කර ගැනීමට ඉමහත් අවස්ථා ඇත.

ජනගහනය නිශ්චිත අගයක පාලනය කරනා අතරමසියලු සතා සිවුපාවාගහ කොළආහාර පානඅපගේ භාණ්ඩ නිෂ්පාදනය කරගැනීමට අවශ්‍යය අමු ද්‍රව්‍ය සහ ආනයන සහ අපනයන සමතුලිත තාවය අපගේ දේශයේ සොභාවික සම්පත් වලින් සපුරා ගත යුතුය.

පහත දක්වා ඇත්තේ ලෝකයේ ඉහලම සංවර්ධිත දත්ත වලට හිමිකම් කියන රටවල් කිහිපයක භුමි ප්‍රමාණය සහ ඒවායෙහි ජනගහණය. නමුත් ඔබ වඩාත් ගබුරට මෙම දත්තයන් ගැන සොයා බලනා විට සිංගප්පූරුව වැනි ව්‍යතිරෙකයන් හමුවේ. මෙම ව්‍යතිරෙකයන් වෙන වෙනම ගෝලීය ආර්ථිකයන් තුල විශ්ලේෂණය කල යුතුය. මේ කිසියම් හෝ ව්‍යතිරෙකයන් මගින් මා මෙහි නිර්මාණය (outline) කර ඇති සොභාව ධර්මයේ දේශයේ විද්‍යාත්මක ගුණාංග දෙවෙනි නොකරයි.

Country

Total Sqkm

Population (Mil)

Per person

In perch

ඩෙන්මාර්කය

42434

5.9

0.0072

284.66

ශ්‍රී ලංකාවේ

64,360

23

0.0028

110.70

නොර්වේ

304,282

5.5

0.055

2174.52

ස්වීඩනය

410,335

10.2

0.040

1581.47

ඇමෙරිකාව

9,147,593

335

0.027

1067.49


සියලු ශ්‍රී ලාංකිකයින් ඉහත සංකල්පය ගැන එකග විය යුතුය. ඔබ එසේ එකග වනවිට අන් සියලු විද්‍යයාත්මක මතවාද මෙම සංකල්පයට අනුව සැකසිය යුතුවනවා මිස, පරස්පර විරෝදී විද්යත්මකයයි කියනා මත බැහැර කිරීමට අවශ්‍ය පසුබිම සැකසේ. අධ්‍යාපනය ඉහල නැංවීම තුලින්, නව තාක්ෂණය අපගේ තරුණ පරපුරට මානව දායාද කරදීම තුලින් සහ නව නිපැයුම් අවස්ථා වලට මන් මාවත් විවර කරදීම තුලින්ද අපනයන ආදායම් ඉපදීය කලයුතු සේම, ඒ ගැන විශේෂයෙන් කීමට අවශ්‍යය නැත. එලෙසම මන්නා ද්‍රෝණියේ ඇති බොර තෙල් අනිවාර්යයෙන්ම අපගේ දේශීයේ ආර්ථිකය ශක්තිමත් කල යුතුය. නමුත් අපගේ දේශයේ අනාගත දේශපාලනය විද්‍යාත්මක ක්‍රමවෙදයකට අනුයුක්තත කීමටනම් සවිඥානිකව අපගේ දේශයේ අනාගතය අදීටන් කල යුතුය.

අන් සියලු මතවාද පරයා යන මෙම සංකල්පයට අප සොභාව ධර්මයේ දේශය යයි නම තබමු.

ඔබ මෙම සොභාව ධර්මයේ දේශය යන සරල අර්ථ දැක්වීම වටහා ගත්තා යයි යන අදහසින් තව දුරටත් අදහස් කිහිපයක් එකතු කරමි.

අදවිසි එක් වැනි සියවසේදෙදහස් විසි එකේ අවුරුද්දේ ඔක්තොම්බර මාසයේලෝක ප්‍රජාව මහා වියසනයන් කිහිපයකට මුහුණදී සීටී. Covid -19 තාවකාලික ගෝලීය වියසනයකි. නමුත් අද සියලු ලෝක වාසීන් මුහුණදෙන ආර්ථිකමයදේශපාලනිකමය සහ සමාජයිය ගැටලුවල සමානතාවයන් මතුවී තිබෙයි. ලෝකයේ සෑම දේශයක් තුලින්ම ජාතිවාදී අරගල මතුවෙමින් පවතී - චීනයේ සහ අතලොස්සක් වූ දේශයන්වල හැර. ඇමරිකාවේ සිට ඔස්ට්‍රේලියාව දක්වා සහ රැසියාවේ සිට දකුණු ඇෆ්රිකාව දක්වා පාර්ලිමේන්තු දේශපාලනය බෙදුම්වැදී දේශපාලනයන් වී ඇත - චීනයේ සහ අතලොස්සක් වූ දේශයන්වල හැර. මෙම විපර්යාසයන් Covid-19 නිසාවෙන් හටගත් විපර්යාසයන් නොවේ.

ඉතා දියුණුවූ රටවල් වල මහජනතාවද (බොහෝ විට එහි සුළුතර ජන කොටස් නොවේ) ඉතා නොදියුණු රටවල් වල මහජනතාවද (බොහෝ විට එහි සුළුතර ජන කොටස් නොවේ) වාමාංශික (idealists / leftists / globalists / ගොලෝබලිස්ට්ස් / විඥානවාදීන් ) සහ දක්ෂිනාංශික (realists / rightists / nationalists / ජාතිවාදී මතවාදී වශයෙන් බෙදී ඇත. රටක් එකාමෙන් එක තීරණයකට පැමිණීම වර්තමානයේ ඉතා අහම්බෙන් සිදුවන්නක් වී ඇත. සෑම විටම පවතින දේශපාලන අධිකාරීයේ ප්‍රතිපතීන් සහ හැසිරීම් සමග කලහ කාරී ලෙස හැසිරෙන කොටසක් මෙම බෙදුණු මහජනතාව තුල සැම විටම ඇත. නමුත් මෙහි දැනට කපීපෙනන වෙනසක් ඇත. එය නම් දියුණුවූ රටවල ජාතිවාදී දක්ෂිනාංශික ජන කොටස් එම රටවල් තුල වැඩි තීව්රතාවයකිනුත් නොදියුණු රටවල විඥානවාදී ජන කොටසුත් වැඩි තීව්රතාවයකිනුත් කලහකාරී ප්‍රවනතාවයන් වලට නබුරුවී සිටීමයි.

දේශය පාලනය කිරීම නම් වූ උතුම්ම කලාව දේශයක් තුල ඇති පහත්ම කලාව ලෙස මෙම ලෝක මහජනතාව අර්ථකතනය කරමින් සිටී. මෙය ඇමරිකාවේදනොර්වේ රජයයේදශ්‍රී ලංකාවේද  එකම තීව්රතාවයකින් උත්සන්න වෙමින් පවතී. මේ අතරම ජනප්‍රිය ප්‍රජාතන්තවාදී දේශපාලනඥයන් දේශපාලන බලය ලබා ගැනීමට උත්සුක වන තරමටම දේශය පාලනය කිරීමට උත්සුක නොවයි. ඔවුන් දේශපාලනආර්ථික සහ සමාජ ගැටලු පැන නැගුනු විට ප්‍රතික්‍රියා (reactionary) කරන්නන් මිස දේශයේ අනාගතය දැක දේශපාලනය කරනා (proactionary) දේශපාලනඥයන් නොවේ. කොහේ හෝ වැරදීමක් සිදුවී ඇතිබවනම් පැහැදිලි විය යුතුය.

එම වැරැද්ද නම් ලෝකයේම ආර්ථික සහ යුධ බලවතා එම රාජ්‍යයේ බල අධිකාරිය තහවුරු කිරීමට පාවිචිකල දේශපාලන මතවාදය මනුස්‍යය සොභාවය (human nature) පාලනය නොකර ඒ මත දේශපාලනය කිරීමට දරපු වැයමයි. සියලු ජන කොටස්වලට සම අයිතීන් ඇති බවදමනුස්‍යය සොභාවය පාලනය නොකර මනුස්‍යය සොභාවය අගය කරන (එය බොරුවට සහ පෙනුමට පමණක් උවද) දේශපාලන අධිකාරීන් අගය කිරීම මෙම විනාශ මුකයේ අබියස සිටිනා ලෝක බලවතාගේ දේශපාලන මෙවලමක් විය. නමුත් අද දින ඒ මිය යමින් තිබෙන ඊනියා දේශපාලන මතවාදය අබිබවා චීනයේ මනුස්‍යය සොභාවය පාලනය කරමින් රාජ්‍යයේ බල අධිකාරිය පිහිටුවන දේශපාලන මතවාදය ඉදිරියට පැමිණෙමින් තිබේ. පසුගිය අවුරුදු හතලිහ තුල චීනයේ සිදුවූ එම දැවැන්ත ආර්ථික සහ යුධ දියුණුව දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහිවූ ඇමරිකානු බල අධිකාරිය ප්‍රශ්නාර්ත මුකයට ගෙනගොස් ඇත.

මෙම ලෝක බල අරගලය තුලසත වර්ෂයකට පමණ පෙර ගෝලීය දේශපාලන තුල ප්‍රශ්නක් ලෙස කිසිත් හදුනා නොගත් ගැටලු අද ප්‍රදාන ගැටලු ලෙස අර්ථකතනය වෙමින් ඇත. එයින් ප්‍රධානතම ගැටලුවක් ලෙස මතුපිටට පැමිණෙන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහල යාමයි. මෙය සංකීර්ණ ගෝලීය ගැටලුවක් බව සැබෑ උවද මෙම ලිපියට අපට එයින් වැදගත් වනුයේ සුළු කොටසකි. එනම් ගෝලීය උෂ්ණත්වය ඉහල යාම වැලක්වීමට ගන්නා තිරසාර ගෝලීය දේශපාලන මැදිහත්වීමක් තුල උවද අන් සියලු මතවාද පරයා යන දේශීය සහ ගෝලීය දේශපාලන මතවාදයක් ගොඩ නැගීමට ඇති හැකියාවයි. නමුත් එය ජනගහනය පාලනය කිරීමට අවශ්‍යයයි යන තරම් පහසුවෙන් ඒත්තු ගැන්වීමට ඇති නොහැකියාව එහි ඇති එකම අඩු පාඩුවයි. සෙන්ටිග්රේඩ් එකයි දශම පහකින් (1.5 C) හෝ දෙකකින් (2 C) උෂ්ණත්වය ඉහල යාම ගෝලීය මහජනතාවට ඒත්තු ගැන්වීමට ඉතා අපහසුය. දියුණුවූ රටවල්වල දක්ෂිනාංශික සහ ජාතිවාදී මත දරන්නන් සහ හිම වැටෙනා රටවල සමහර මිනිසුන් එය විහිළුවකට ගෙන ඇත. අධික උෂ්ණත්වයක් ඇති උවද වායුසමීකරණ ඇති මැද පෙරදිග රටවල් උවද මෙය ඒත්තු ගැන්වීමට ඉතා අපහසුය. අපගේ වැනි රටකමුහුදු සුළගින් සිසිල්වෙන සහ සෙවනට ගහක් කොළක් ඇති රටක උවද මෙය ඉතා අපහසු කටයුත්තකි.

නමුත් ජනගහණ පාලනය කීරීම අවශ්‍යය බව නොදියුණු රටක බසයක ගමන් ගන්නා මගියෙකුට උවද ඒත්තු ගැන්වීය හැකිය. එලිවෙටර් එකකින් මහල් නිවසට යන නෝනා මහතෙකුට උවද ඒත්තු ගැන්වීය හැකිය. සුපිරි නගරයක සුඛෝපභෝගී රථයක සිරවී සිටින මහතෙකුට උවද පහසුවෙන් ඒත්තු ගැන්වීය හැකිය. තවද ශ්‍රී ලංකාව වැනි දුපතක මෙම නව චින්තන ධාරාවසොභාව ධර්මයේ දේශයමහජනයාට පහසුවෙන් ඒත්තු ගැන්වීය හැකිය.

නමුත් අද අප මාතෘ භුමිය ආර්ථික වශයෙන් බංකොලොත් වීමේ අබියස ඇත. එය එසේ නොවුනොහොත් එසේ වන්නේ පිටරටින් මුදල් ණයට අරගෙන ආර්ථිකය හැසිරවීමෙනි. මෙය ආර්ථිකය බංකොලොත් වීමක් පමණක් නොව මෙය රටේ චින්තන ධාරාවල බංකොලොත් වීමකි. රුසියාව සහ චීනය ඊනියා කොමුනිස්ට්වාදය තුලන් බැහැරවී ඔවු නොවුනට අවේනික දේශපාලන ක්‍රමවේදයන් තුලින් ඔවුන්ගේ දේශයන් ශක්තිමත් කිරීමට ඉමහත් ප්‍රයත්නයන් දරා ඇත. නමුත් අපේ  පාරම්පරික මාක්ස් වාදීන් තවමත් කම්කරු අරගලය තුල ප්‍රග්ධනයේ තර්කනය අවසන්වනතෙක් මුහුණු පොතේ (facebook) සහ මංමාවත් වල කෑගසමින් සිටී. පාරම්පරික වමේ සිටිනා ගොලෝබලිස්ට්ස්ලාට සහ විඥානවාදීන් හට දේශපාලන අනාගතයක් නැතිබව බොහෝ දෙනෙකුට වැටහී ගොස් ඇත. අවාසනාවකට පාරම්පරික දකුණේ දේශපාලනඥයන් ඇමරිකානු ජාත්‍යන්තර නීතිය හමුවේ බියගුලුවී කල යුතුදේ නොකර වෙන මොනවදෝ කරමින් සිටී.

ඉදිරි දශකය ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මකය. ලෝකයටද එය ඉතා තීරණාත්මකය.

අප නැවත මහපොළවට බැස මුලසිට සිතීමට පටන්ගමු. අපේ මනරම් ශ්‍රී ලංකා මාතාවට වැදිය හැකි දරු දැරියන් ගණන නිශ්චිතවම දැන ගැනීම එයට නැවුම් පිවිසුමක් ලබා දේවී. එවන් සභුධික දේශයක් තැනීම අපගේ පරම අදිෂ්ටනය විය යුතුය.

මෙම කාලය අපට නිදහස්ව සිතීමට ඇති කාලයයි.

පුහු මානව හිමිකම් කර පින්නාගෙන රට අරාජික කිරීම පසෙක තබා අප සියල්ල එකතුවී කැප කිරීම් කිරීමට කාලය පැමිණ ඇත.

 


කර්තෘ - ඒ.වී. අනුරාධ සම්පත්

අධ්‍යාපනය - පශ්චාත් උපාධි - ජාත්‍යන්තර ආරක්ෂාව සහ නීතිය - ඩෙන්මාර්කය / බීඒ (ගෞරවය) ජාත්‍යන්තර දේශපාලනය - එක්සත් රාජධානිය.

Comments

Popular posts from this blog

Prospect of Economic development - Post Covid-19 Sri Lanka

Whole country is in turmoil – aftermath of 21 April 2019

Reply to Ryan Goodman 2 of 4 - What does Goodman leave out?