මෝඩයින් සහ පට්ට මෝඩයින් - GOTAGOHOME2022 වෙනුවට MAHINDAGOHOME2022

ගෝට හොරෙක්ද? උ කරපු හොරකම් මොනවද? මල්ලියි අයියයි කරපු ඒවාට ගෝට පලිද? මල්ලි ගියානේ දැන් අයියව යවමු. උබල කරන්නේ මැද පෙරදිග වසන්තයනම්  මැද පෙරදිග වසන්තයෙන් ගොඩ ගිය රටක් කියන්න. උබල ඔය කරන විප්ලවයෙන් රට වෙනස් වෙයිද? ඔයාලට දේශපාලන කරන උන් පෙන්නන්නත් බරිලුනේ, නායකත්වයක් දෙන්න. කවුද ඔය Glleface එකේ toilet ටික හයි කරේ? කවුද උබලට උදේටයි දවල්ටයි රෑටයි කන්න එවන්නේ? උබලට ආදරේටද? කාගේ සල්ලි වලින්ද ඒ වැඩ වෙන්නේ? උබලගේ උදව්වෙන්, මුස්ලිම් උනුයි දෙමළ උනුයි උන්ගේ රට කඩන වැඩේනම් නියමට වේගෙන යනවා. උබලට ඔය මෝඩ ආතල් ගන්න දෙමළ ඩයස්පෝරා එකෙනුයි මැද පෙරදිග රටවල් වලිනුයි සල්ලි එවන බවනම් පැහැදිලියි. උබල මෝඩයෝ රෑනක්. පට්ට මෝඩයෝ තමයි නායකත්වය දෙන්නේ. උන් අවස්ථාවදියෝ. රටට ආදරයක් නැති උන්. 

යකෝ, ගෝට බදු අඩුකරලා investments දිරි ගන්නනන හැදුවට, කව්ද හිතුවේ කොරෝන එයි කියල. එත් එක්කම රටවල් වල නිෂ්පාදනය ඇන හිටී කියල කවුද දන්නේ? ඩීසල් පෙට්‍රේල් නැතුව supply chain එක ඇන හිටියි කියල උබල දැනගෙන හිටියද? JR ගෙන් පස්සේ UNP එක රටේ නියම නිෂ්පාදනයක් නැති තැනට දාල තියන එකට ගෝට පලිද? රට තුල භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා ඒවා පිටරට වලට විකුනන්නේ නැතුව කොහොමද ඩොලර් හොයන්නේ? සුද්දොන්ට රට පෙන්නලා ගන්න එකයි, උබලගේ අපේ නංගිලා, අක්කල, අම්මල මැද පෙරදිග ගිහිල්ල රටට එවන සොච්චමෙනුයි හැමෝටම හැම් බේකන් කන්න දෙන්න බෑ මෝඩයින්නේ. තේරුම් ගන්න.

සැබෑ විප්ලවයකට නායකත්වයක් ඕනේ. උබල දැන් අහන්න ඕනේ ප්‍රස්නේ තමයි ඇයි එහෙම නායකත්වයක් පේන තෙක් මානයකවත් නැත්තේ කියල. ඔක්කොම ඉන්නේ දුප්පත්කම විකුනම් කන්න බලන නායකයින්. උඩුගම් බලා පීනන්න හදන එකෙක්වත් පේන තෙක් මානයකවත්නෑ. උබල හිතන්න එපා අපේ දුප්තකම අපි විතරක් හදාගත්තා එකක් කියල. ලෝකේ බල අරගලය ඇතුලේ අපේ වගේ රටවල් දුප්පත් කමින්ම තියා ගන්න එක තමයි බලවතුන්ගේ උත්සාහය. බොරු මානව හිමිකම් ගැන කතා කරකර උන්ගේම සුළුතරයට සත්තුන්ට වගේ සලකන හිවල්ලුන්ට තමයි අපේ පට්ට මෝඩයෝ ගිහිල්ල උදව් ඉල්ලන්නේ. උන් කවදාවත් සැබෑ නායකත්වයකට ඉඩක් දෙන්නේ නෑ. වාරණ නියෝග අරගෙන උන්ව හිරකරලා ඉවරයි මේ වෙනකොටත්. 

හිතන්න, මේ වෙලාවේ තියන හොදම විසදුම මොකක්ද කියල. අපේ මෝඩ කමට දන්නේ නැති සහ හිතා ගන්න බැරි බල රික්තකයක් ඇති කරලා තවත් රට අරාජික කරනවද - මැද පෙරදිග වසන්තයෙන් පස්සේ ලිබියාවට, ඊජිපතුවට සහ ටුනිසියාවට කලා වගේ. එහෙම නැත්තම් දන්නා යකා නොදන්නා යකාට වඩා හොදයි කියල අරගලයේ දිශානතිය වෙනස් කරනවද කියල. මහින්දව ගෙදර යවන වැඩේ ඒ දිශානතියට යන එකක්. පවුල් බැදීම් නැතිව ගෝටට කැබිනෙට් එකක් අරන් දෙන්න පුලුවන්නම් ඒක මේ වෙලාවේ සැබෑ අරගලයක්. මේ දිශානතියට වැඩ කරන දේශපාලන නායකයින් දැනටමත් නැතිවම නෙවයි. ඔබ ඔය මොඩයින්ගෙන් සහ අවස්ථාවාදී පට්ට මොඩයින්ගෙන් දුරස් වෙලා ඔබගේ වෙලාව සහ අරගලය දේශපාලන දිශානතියකට හැරවීම මේ වෙලාවේ ඔබ සහ රටට වෙනුවෙන් කරන උතුම් ක්‍රියාවක්.



කර්තෘ - ඒ.වී. අනුරාධ සම්පත්

අධ්‍යාපනය - පශ්චාත් උපාධි - ජාත්‍යන්තර ආරක්ෂාව සහ නීතිය - ඩෙන්මාර්කය / බීඒ (ගෞරවය) ජාත්‍යන්තර දේශපාලනය - එක්සත් රාජධානිය.


Comments

Popular posts from this blog

Prospect of Economic development - Post Covid-19 Sri Lanka

Whole country is in turmoil – aftermath of 21 April 2019

Reply to Ryan Goodman 2 of 4 - What does Goodman leave out?