දේශපාලන අධිකාරිය සහ පුහු මානව හිමිකම්

මානව අයිතිවාසිකම් කියන්නේ හොඳට හැදුන ගහක පිපෙන මල් වගේ දෙයක්. ඉස්සෙල්ලා සොභාව ධර්මයට අනුව ගහට හොදට පැල වෙන්න දෙන්න ඕනේ. ඒකට ඕනෙ ඉර එළිය, හොඳ පසක් සහ වතුර. සුවද හමන මලුයි ඉරයි, පසුයි සහ වතුරයි අතර පියවි ඇසට පෙනෙන්න කිසිම තර්කානුකුල සම්බන්දයක් නැහැ.නමුත් කාළයක් ඒවා හොඳට ක්‍රමවත්ව ලැබුණාම මල් ඉබේම හටගන්නවා. බොටනි දන්න අයට එය විද්‍යාවක්. ඒවගේම රට දියුණු කිරීමේදීද පියවි ඇසට පෙනෙන්න කිසිම තර්කානුකුල සම්බන්දයක් නැති සංඝටක එකතු උනහම තමයි සාර්ථක සොභාග්‍යමත් රටක් ගොඩනගන්න පුලුවන්. එයත් විද්‍යාවක්. එයට අවශ්‍ය මහා ජනතාව තුල දේශපාලන අධිකාරියට තියන බිය සහ  දේශපාලන අධිකාරිය ජාතික අවශ්‍යය මානව හදුනාගෙන ඒ වෙනුවෙන් දීර්ග කාලීනව සහ අවංකව වැඩ කිරීම. 

මුත් බටහිර හිවල් දේශපාලනයට අනුව සාර්ථක සහ ශක්තිමත් රටක් ගොඩනගන්න අවශ්‍ය එකම සංඝටකය මානව අයිතිවාසිකම්ලු. මෙය බටහිර රටවල් විසින් දියුණු වෙමින් පවතින රටවල් පාලනය කිරීමට ගන්නා උපාය මාර්ගයක් පමණය.  

දැනට පවතින බහුතරයක් ශක්තිමත් කියන රටවල් හදල තියෙන්නෙ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරල නෙමෙයි. යුරෝපය සහ උතුරු ඇමෙරිකානු රාජ්‍යවල් ශක්තිමත්වෙලා තියෙන්නේ අවුරුදු හාරසිය ගනනාවක් පඩී නැතුව අෆ්රිකානුවනගෙන් දාසකම් කරවගෙන. අවුරුදු පන්සියගාණක් දුප්පත් රටවල්වල් කොලනි බවට පත්කරලා එම රටවල දේපල සුරාකාල. ලෝක මහ පොළොවෙන් සියට තිහක් (30%) විතර වන ඇමෙරිකානු මහ පොළොව සුරා කාල. සොභාව ධරමයේ සරල නීති රීති අදුරදර්ශී ලෙස උල්ලංඝනය කරත් ඔහුන් පිහිටවපු දේශපාලන අධිකාරීන් සිය වසකට පමණ ශක්තිමත්ව පිහිටවල තියනවා - මෙම ඓතිහාසික අදුරදර්ශී දේශපාලන තීරණ වල පලවිපාක ලෙස දැන් දැන් එම රටවල් අරාජිකත්වයට යමින් සිටිනවා.

සාර්ථක රටක ප්‍රධනතම අඩිතාලම තමයි සොභාව ධරමයේ සරල නීති රීති වලට අනුව පිහිටවන දේශපාලන අධිකාරිය. අන් සියලු දේවල් එයට යටත් විය යුතුයි. දියුණු බටහිර රටවල් කිසිවක් දේශපාලන පක්ෂ මැදිහත් කරගෙන දියුණු වෙච්ච රටවල් නෙවෙයි. ඇමෙරිකාව පමණක් විශේෂවූ ඉතිහාසයකට අයිතිවාසිකම් කියන රටක්. නමුත් ඔහුන්ගේ කෘරත්වය (දේශපාලන අධිකාරිය), ඇමෙරිකානු ආදිවාසීන්ට විරුද්ධව, කලු ජාතිකයින්ට විරුද්ධව, දේශපාලන සරණාගතයන් සහ සංක්‍රමණික ශ්‍රමයන්ට විරුද්ධව, අන් කිසිම අදිරාජ්‍යවධියෙකුට නොදෙවෙනි නොවන්නක්.  

සුදු ඇමරිකානුවන් ඔහුන්ගේ කලු ඇමෙරිකානුවන් හට චන්ද අයිතිය දුන්නේ එක්දහස් නවසිය හැට පහේ, 1965. ඒ වෙනකොට, එක්දහස් හාරසිය අනු දෙකේ ඉදල, 1492, අවුරුදු හාරසිය ගනනක් පඩී නැතුව අෆ්රිකානුවනගෙන් දාසකම් කරවගෙන තිබුන. අෆ්රිකානුවන් මිලියන දොළහක් පමණ අෆ්රිකාවෙන් බලෙන් අරන් ගියා ඇමෙරිකාවට වැඩ කරව ගන්න. ඔහුන්ගේ ළමයි සහ ඔහුන්ගේ ළමයි යනුවෙන් අවරුදු පන්සීයක් පමණ මෙම සුරාකෑම සිදුවුණා. මිලියන් ගණනක් ඇමෙරිකාවේ ආදිවාසීන්ව අමු අමුවේ මරා දා තිබුනා.  කිසිත් නොදත් ආදිවාසීන්ගේ ළමයින් දස දහස් ගණනක් කතෝලික concentration camp වල දමා නොයෙක් වද හිංසා දී, ලිංගික අපයෝජනයන් කර අමු අමුවේ මරා දා තිබුනා. කැනඩාව සහ ඔස්ට්‍රේලියාවත් මෙයට නොදවෙනිවූයේ නැ. පහුගිය සියවසේ හීටර් උදාහරණයට ගත්තේ මේ කැනඩාව සහ ඇමෙරිකාවේ concentration camp මොඩලය තමයි.

අද ඇමෙරිකාව මුළු මනින්ම (systematically racist) සුදු ජාතිවාදි රටක් ලෙස ඇමෙරිකාව තුලින්ම සංවාදයක් මතුවී ඇත. ඔහුන්ගේ ජාතියේ නිර්මාතෘවරුන් විසින්ම කලු ජාතිකයින් දාසකමේ තබා ගැනීමේ සිට, අද ඒරටේ පවතින හමුදා සහ පාසල් සේවයේ පවතින ජාතිවාදි ගැටළු, කලු ජාතිකයින් සහ සුදු ජාතිකයින් අතර පවතින ආර්ථික සහ සමාජ විෂමතා මෙම ඓතිහාසික ජාතිවාදි ප්‍රතිපත්ති උලුප්පා දක්වයි. උදාහරණයක් විදිහට ප්‍රතිශතයක් වශයෙන් covid වියසනය හේතුවෙන් කලු ජාතිකයින් වැඩි ප්‍රමාණයක් මියයමින් සිටි.

එංගලන්තය අපට චන්ද අයිතිය එක්දහස් නවසිය තිස් එකේ, 1931, ලබා දුන්නේ. එංගලන්තයේ කාන්තාවන්ට පවා චන්ද අයිතිය හම්බවෙන්නේ එක්දහස් නවසිය දහ අටේදී විතර, 1918. ඒ වෙද්දී එංගලන්තයේ අධිරාජයාට ඕන විදිහට එංගලන්තයේ පිරිමින් ලෝක ගෝලයෙන් තුනෙන් දෙකක් විතර කොලනි බවට පත් කරලා සහ පලවෙනි ලෝක යුධයත් සටන් කරලා තිබුන. මොනවත් නොකළ සිංහලයන්ට නිකම්ම චන්ද අයිතිය හම්බුනා.

එංගලන්තයේ කාන්තාවන්ට චන්ද අයිතිය හිමිවෙන්න හරියට අවුරුදු සියයකට පෙර, 1818, ඔහුන් අපේ ඌව වෙල්ලසේ ගොවියන් සියලු දෙනා අමු අමුවේ මරා දැමුවා. එපමණක් නොව, ගොවියන්ගේ හරක බාන, කුකුලන් පවා මරා දැමුවා. ගොවි පවුල්වල ලින් වලට සහ ඇල දොලට විස මිශ්‍රකර අනාගතයේ ගොවිතැන් කිරීමේ අවකාශය විශාල ලෙස හීන කළේය. එංගලන්තයට අවශ්‍ය තේ සහ රබර් අප රටේ වගාකර, ඔහුනට ආවතේව කල, භාස පරිවර්තනය කල සහ ඔහුනට පක්ෂව අප රටට දේශද්‍රෝහීකම් කල දමිල, මුස්ලිම් සහ සිංහල පැලැන්තියට රට පාලනය බාරදී යන්නට ගියේය. ඒ අනුව දෙදහස් නවයේ, 2009, වාර්ගික යුද්ධය ඉවර කරපු රුහුනෙන් ආපු දේශපාලන පැලැන්තිය ඓතිහාසිගත එකක්.

රටක සැබෑ දේශපාලන අධිකාරිය කිසිම විටක කැප කිරීම් නොකර ස්ථාපිත කල නොහැක. එංගලන්තය අප රට ලබා ගත්තේ සහ දමා ගියේ කිසිම දේශීය අරගලයක් හේතුවෙන් නොවේ. ප්‍රංස අධිරාජ්‍ය නැපෝලියන් බොනපාර්ට්හට ලන්දේසීන්ගෙ ජනපද අයිතිවේයයි බියවූ එංගලන්තය, අප රට ඇතුලු රටවල් කිහිපයක් ලන්දේසීන්ගෙන් ලියා ගත්තේ එක්දහස් අටසිය දෙකේදීය, 1802, (in Treaty of Amiens). නැවතත් එංගලන්තය අපව දමා ගියේ දෙවැනි ලෝක යුද්ධයෙන් ආර්ථිකමය වශයෙන් අබල දුබලවී සිටි සමයේ ඇමෙරිකාව යටත් විජිත වාදයට විරුද්ධවූ නිසාවෙනි. ඇමෙරිකාව ඔහුන්ගේ ආර්ථික සහ යුද බලය ස්ථාපිතකර පාරම්පරික යුරෝපා රටවල් වල යටත්විජිතවාදී ප්‍රතිපත්ති හකුළුවා ගැනීමට සැකසුවත් තවද ඔහුන් දේශපාලන අධිකාරියේ තියන කෘරත්වය පමණක් පවිචිචිකර අඩ සියවසක් තිස්සේ පලස්තීනුවන් සහ හෙයිටි වැසියන්ට වින කරමින් සිටිනවා.

මුත් ඔහුන්ගෙන් සහ බටහිර රටවලින් අධයයාපනය ලැබූ අපේ පරදේශක්කාර සිංහලුන් හට බටහිර සිරිත් විරිත් සහ ඔහුන්ගේ සංකල්ප නොමැතිව අනාගතයක් නැති සේය.  

වර්තමාන එංගලන්තය යනු ධනවතුන්ගේ පාරාදීසයක්. එංගලන්තය යුරෝපයෙන් වෙන්වූදා සිට එංගලන්තය කුඩා කුඩා කෑලි වලට කැඩී යාමේ ප්‍රවණ තාවයක් දැන් මතුවී ඇත. එය නව ලිබරල් වාදය ගැන උදම් අනනා සිංහල පණ්ඩිතයින්හට මහගු උදාහරණයක්. මැග්න කාටා දේශය ලෙස හැදින්වූ එංගලන්තයතුල අද අන්ත ජාතිකවාදී දේශපාලන පක්ෂ සහ මාෆියා කණ්ඩායම් රජ කරනවා. සරණාගතයින් සහ විදේශ ශ්‍රමිකයින් පලවාහැර සුපිරිසුදු සුදු ජතිකයින්ගෙන් සමන්විත රාජ්‍යයක් පිහිටවීම ඔහුන්ගේ අභිලාශයයි. එංගලන්තය සහ ප්‍රංසය අතර ඇති මුහුදු තීරය තුල නීති විරෝධී ලෙස රට ඇතුලට පැමිණෙන්නට උත්සහ කරනා දේශපාලන සරණාගතයින් දවස ගානේ ගිලී මරමුවට පත්වෙමින් ඇත. ඔහුන් එය නොපෙනුනාසේ සිටි. එංගලන්තයද මැදිහත්වී කල ඉරාක යුද්ධය නීති විරෝධී වුවද ඒ වෙනුවෙන් කිසිවෙකුත් අත්අඩංගුවට පත්වී නැත. ඉරාක ජනතාව මිල්ලියනයක් පමණ මරමුවට පත්වී ඇති අතර මිලියන කිහිපයක මිනිසූන් සරණාගතයින් බවට පත්වී ඇත. ඉරාකයේ පමණක් නොව යුද්ධයයෙන් බැටකන ලිබියාවේ, ඇෆ්ඝනිස්තානයේ සහ යේමනයේද එංගලන්ත දේශපාලන අධිකාරියේ සොභාව ධරමයේ සරල නීති රීති අදුරදර්ශී ලෙස උල්ලංඝනය කරන කෘරත්වය මනාව පැහැදිලි කරයි.

නමුත් අපේ සිංහල පණ්ඩිතයින්හට එංගලන්තයේ මනං කල්පිත මානව හිමිකම් පමණක් පෙනේ. එංගලන්තයටද අවශ්‍ය එයමය.

යුරෝපයේ සියලු රටවල්තුල, ඩෙන්මාර්කයනොර්වේය සහ ස්වීඩනයද ඇතුලත්ව, අඩු හෝ වැඩි වශයෙන් අන්ත ජාතිකවාදී දේශපාලන පක්ෂ සහ මාෆියා කණ්ඩායම් මතුවී ඇත. ඔහුන් සියලුදෙනාගේ අභිලාශය වන්නේ සරණාගතයින් සහ විදේශ ශ්‍රමිකයින් පලවාහැර ඔහුන්ගේ සුපිරිසුදු සුදු ජතිකින්ගෙන් සමන්විත රාජ්‍යයන් පිහිටවීම. 

මෙම යුරෝපීය රටවල් පිහිටවූ දේශපාලන අධිකාරීන්තුල පවතින ඉතිහාසගත අක්‍රමිකතා හේතුවෙන් ඔහුන්ගේ රාජ්‍යවල් අද අරාජික වෙමින් පවතී. ඔහුන්ගේම මානව හිමිකම් ඔහුන්ටම විරුද්ධවම නැගී සිනිනා කාලය පැමිණ ඇත. අඩ සහශ්‍රකයක් පුරා මෙම රජයවල් සොභාව ධර්මයේ ඇති නීති සහ රීති උල්ලංගනය කර පිහිටවූ දේශපාලන අධිකාරීන් විකාරයන් බවට පත්වෙමින් ඇත. මේ උදාහරණයන් අපට පාඩම් කියාදිය යුතුය.

සෑම දේශපාලන අධිකාරියකටම තම රට තුල නිසි බලය යොදා තම අධිකාරිය පිහිටවීමට අයිතියක් ඇත. එම නිසි බලයට සොහාව ධරමයෙන් හිමි සීමාවන් ඇත. දේශපාලන අධිකාරියේ කෘරත්වය නිසි පරිදි හැසිරවීමෙන් රට සයුභාග්‍ය කරා ගෙන යාමට හැක. ශක්තිමත් සහ සාර්ථක රජයක් යනු මෙම දේශපාලන අධිකාරිය දීර්ග කාලයක් තිස්සේ ක්‍රමවත් ලෙස පිහිටවූ රාජ්‍යයකටය. මෙය දේශපාලන පක්ෂ විසින් අවුරුදු පහෙන් පහට පිහිටවන ප්‍රජාතන්ත්‍රක ආණ්ඩුක්‍රම නොවේ. අපෙ රට පමණක් නොව බටහිර රටවල් පවා මෙම ක්‍රමයන් නිසා අවුලෙන් අවුලට පත්වී ඇත.

මෙම අවුල්වූ රජයන් අතර ඇති නිසි රාජ්‍ය ක්‍රමයක් පවතින්නේ දැන් චීනයේ පමණි. ඔහුන් තම දේශපාලන අධිකාරියේ ස්ථාවරත්වය හාවිතාකර පසුගිය අවුරුදු තිහ තුල පමණක් චීන වැසියන් බිලියනයක් පමණ දිළිඳු කමින් මුදවාගෙන ඇත. ඔහුන් ලෝකයේ බලවත්ම රාජ්‍ය බවටත් පත් වෙමින් පවතී.  

මානව හිමිකම් යනු සුවද හමන මල් වගේ සාර්ථක රාජ්‍යයන් වල පමණක් හටගන්ඵනා ඵලයන්ය. බටහිර හිවලුන්ගේ දේශපාලන නියායන් වලට අනුව මානව හිමිකම් නොමැතිව සාර්ථක රාජ්‍යයන් ගොඩනැගීමට නොහැක යන්න ඔහුන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට අත පෙවීමට භාවිතා කරනා මෙවලමක් පමණි. ඔහුන් ඒ සියලු නියායන් සහ සොහාව ධරමයේ නීති සහ රීතිද බිදදමා ඔහුන්ගේ දේශපාලන අධිකාරීන් පිහිටවා ඇත.

මෙම කාලය අපට නිදහස්ව සිතීමට ඇති කාලයයි. 

පුහු මානව හිමිකම් කර පින්නාගෙන රට අරාජික කිරීම පසෙක තබා අප සියල්ල එකතුවී කැප කිරීම් කිරීමට කාලය පැමිණ ඇත.

 

කර්තෘ - ඒ.වී. අනුරාධ සම්පත්

අධ්‍යාපනය - පශ්චාත් උපාධි - ජාත්‍යන්තර ආරක්ෂාව සහ නීතිය ඩෙන්මාර්කය බීඒ (ගෞරවයජාත්‍යන්තර දේශපාලනය - එක්සත් රාජධානිය

Comments

Popular posts from this blog

Prospect of Economic development - Post Covid-19 Sri Lanka

Whole country is in turmoil – aftermath of 21 April 2019

Reply to Ryan Goodman 2 of 4 - What does Goodman leave out?