ප්‍රචණ්ඩත්වයේ ඒකාධිකාරය - Monopoly of violence

1989දී චීනයේ දේශපාලන ස්ථාවරත්වය පිහිටවීමට චීන කොමුනිස්ට් පක්ෂයට විශ්ව විද්‍යාල සිසුන් දෙසීයකට වැඩි පිරිසක් වෙඩිතබා ගාතනය කිරීමට සිදුවිය - සමහරුන් එය දෙදහසක් පමණයයයි කියයි. ඒ කෙසේ නමුත් වසර තිහකට පසු චීනය ලෝකයේ දැවැන්තම ආර්ථික සහ යුදමය ශක්තිය හිමි රට බවට පත්වෙමින් ඇත. 

ශ්‍රී ලංකා රජයටද රටේ අනාගතය වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට කාලය පැමිණ ඇත.

රටක ස්ථාවරත්වය බිහිවනුයේ එහි ප්‍රචණ්ඩත්වයේ ඒකාධිකාරය රජය විසින් මානව පිහිටවූ පසුවය. මෙය සරල සොභාව ධර්මයේ නියමයන්ට අනුකුලය. බටහිය සමාජ විද්‍යා විශාරදයකු වන Max Webber මෙය සංකල්පයක් ලෙස සංකල්පය ගතකර ඇති නමුත් අපට මේ සරල සොභාව ධර්මයේ නියමය මහ පොලවේ උදාහරණ වලින් තේරුම් ගතහැක.

දේශයක් ගොඩනැගීමේ ප්‍රදාන සාධකය වන්නේ මහ ජනතාව තුල එම දේශයේ නීති රීති වලට ඇති බියයි. මෙම නීතිය සහ රීතියට ඇති බිය (fear) මුලින්ම  මිනිසා තුල ඇති වන්නේ ඔහුට (ගෝත්‍රයේ / රැහේ / ප්‍රථමික ජන සමාජයේ) නායකයට ඇති බිය මතයි. සොභාව ධර්මයෙන් නායකයට උරුමවූ ශරීර ශක්තිය ඔහු මේ සදහා යොදා ගනී. සමහරවිට ඔහු නුවණින් හීන උවද ඔහු ඔබව මැරීමට දෙවරක් නොසිතයි. ඔබ ඔබගේ නායකයට විරුධව කතා කිරීමට හෝ ඔහුට විරුධව කැරලි ගැසීමට මැලි නොවෙමුද? ඔබ අනිවාර්යෙන්ම මැලි වෙති. එසේ නැතිනම් ඔබ රැහේ බලවතාට විරුධව සටන් කර ජය ගත යුතුව ඇත. ඔබට අකමැතෙන් වුවද ඔබගේ රැහේ බලවතාගේ නීති රීති වලට යටත් වීමට සිදුවේ. අකමැතෙන් වුවද එම නීති රීති තුල ඔබගේ ජීවිකාව සහ පවුල රැක ගත යුතුව තිබේ. රැහේ බලවතා ඔහුගේ නීති රීති සාධාරණව ස්ථාපිත කරන්නෙකුනම්, ඔහුගේ දීර්ඝායුෂද, ඔබගේ සතුටද, රැහේ සශ්‍රීකත්වයද දීර්ග කාලීනව ආරක්ෂා කරන්නෙකුවේ. ඔහු මනා දුරදක්නා නුවණින් හෙබි තැනතෙකුනම්, ඔහුගේ රැහේ සෙසු නායකයින්ගේත් සහයෝගය ඇතුව, ඔහුගේ මෙම නීති රීති මානව කෙටුම්පත්කර ඔහුගේ රැහේ දීර්ඝායුෂද ඔහුගේන් පසු බලයට එන ඔහුගේ පුතාගේ නායකත්වයද ස්ථාවර කරනු ඇත. මෙය සරල සොභාව ධර්මයේ නොමියෙන නීතියයි.

අද දියුණුයැයි පවසන බටහිර යුරෝපීය රටවල්වල රජ වරුන් මෙම ප්‍රචණ්ඩත්වයේ ඒකාධිකාරය සිය රජ පුවල් විසින් සතවර්ෂ ගනනාවකට, සමහර රජ පවුල් සහශ්‍රක් පුර පවා, ස්ථාවර කරගැනීමට සමත්වුන උන්ය. රජු මේ ස්ථාවරත්වය තහවුරු කරන්නේ අන් කිසිවක් මත නොවෙයි ඔවුගේ යුදධයන්ගේ ජයග්‍රහණයන් මතයි. තම වරිගයා ආරක්ෂා කරගැනීමට රජු විසින් කරනා කැපකිරීම් කොපමණද සහ රජු සතුරා මර්ධනය කරන්නට ගන්නා සාහාසික උපක්‍රමවල කෘරත්වය කොපමණද යන්න මත රජු විසින් මහජනතාව තුල ඔහු ගැන ඇති බිය, පැහැදීම, ඇගයීම සහ ගෞරවය තීරණය කරයි. මහජනතාව තම නායකයා වටා රොක්වී දේශය වෙනුවෙන් කරනා ජීවිත් පරිත්‍යාග සහ කැපකිරීම් එම දේශය ශක්තිමත් කරයි. එම කැපකිරීම් දේශයේ අනන්‍යතාවය තහවුරු කරයි. එම කැපකිරීම් වලට සාපේක්ෂව ඔබගේ සහ ඔබගේ දේශයේ අයිතිවාසිකම් තහවුරු වෙයි. දේශයක ආරම්භය ගැන ඉතිහාසත්මකව සහ විද්‍යාත්මකව අධ්‍යයනය කරන Charles Tilly පවසන්නේ යුදධය දේශය නිර්මාණය කරන බවයි. සාර්ථක යුදධයන් සාර්ථක දේශීයන් නිර්මාණය කරයි. 

14 වන සියවස අග භාගය වනවිට බටහිර රටවල ඇතිවී තිබුණු අධ්‍යාත්මික පරිහානියට සමගාමීව ඇමරිකානු මහද්වීපය හමුවීම, ඉන් පසු ඇෆ්රිකානු කළු ජාතිකයින් මිලියන් 12 පමණ වහල් සේවයට ගෙනයමින් ඇමරිකානු මහද්වීපය සහ අවට ඇති දුපත් අවුරුදු හාරසියයක් පුරාවට කළු ජාතිකයින්ගේ ශ්‍රමයෙන් වැඩ කිරීම, මෙම යුරෝපීය රජ පවුල් විසින්ම කරගෙන ගියේය. ඔබ මොහොතක් නැවතී මෙම රජ පවුල්වල කෘරත්වය ගැන සිතිය යුතුව ඇත. එංගලන්තය සහ ප්‍රංසය ප්‍රමුක යුරෝපීය රටවල් ඇෆ්රිකාවෙන් රැගෙනගියේ මිලියන 12ක පමණ කලු ජාතිකයින් උවද, ඔහුන්ගේ ළමයින් සහ ඔවුන්ගේ ළමයින්ගේත් ළමයින් යනුවෙන් අධිරාජ්‍යයවාදීන් වහල් සේවයට ගත් කලු ජාතිකයින් ප්‍රමාණය ගැන ඔබ සිතිය හැකිද. අවුරුදු 400ක් පුරාවට වහලේක්‌ ලෙස වැඩ ගැනීම ගැන, ඔබට සිතිය හැකිද? මෙය ඔබ සහ ඔබගේ බිරිද, ඔබගේ ළමයින් සහ ඔබගේ ළමයින්ගේ ළමයින් අවුරුදු 400 පුරාවට සුදු ජතිකයින්හට පඩි නැතුව වැඩ කිරීමකි - සොභාව ධර්මයට අනුකූල ප්‍රචණ්ඩත්වයේ ඒකාධිකාරය මත දේශය බිහිකිරීම හැර වෙන කිසියම් ක්‍රමවේදයක් නොමැතිබව සපත කරන මම, නමුත් මෙම නිස්චිත යුරෝපීය සහ ඇමෙරිකානු ප්‍රචණ්ඩත්වය සොභාව ධර්මයට අනුකූල නොවන බව සහ අමානුෂික බව තහවුරු කරමි. බටහිර රටවල්වල සිදුවෙමින් ඇති ආර්ථික පරිහානිය චීනයේ ආර්ථික දියුණුව මත තේරුම් ගත යුතු සේම වර්තමානයේ බටහිර රටවල්වල් තුල සහ ඉන් පිටතින් ඔව්න්හට සිදුවෙමින් තිබෙන අධ්‍යාත්මික පරිහානිය තේරුම් ගත යුතුව ඇත්තේ ඔවුන්ගේ මෙම ඓතිහාසික අමානුෂිකත්වයේ ප්‍රතිපලයක් ලෙස බව ප්‍රකාශ කරමි.

බටහිර අධිරාජ්‍යයන් විසින් මෙම ප්‍රචණ්ඩත්වයේ ඒකාධිකාරය ඇමෙරිකානු මහාද්වීපය තුල පමණක් නොව ඉන්දියාව, ලංකාව, චීනය, ඔස්ට්‍රේලියාව සන නවසීලන්තය තුල සහ අන් රටවල් වලද පිහිටවීමට කල අමානුෂ්‍ මිනිස් ඝාතන මෙපමණකැයි කිව නොහැක. මෙම අධිරාජ්‍යයන් විසින් මෙම දේශයන්වල මුල් අදීවසීන් සමුල ඝාතනය කළා පමණක් නොව ඔවුන්ගේ දැනුම් පද්දතින්ඔවුන් සොභාව ධර්මය සමග තිබු තුලනාත්මක සම්බන්දකම් සියලුදේ විනාශ කිරීමට දෙවරක් නොසිතුහ. උදාහරණයක් ලෙස 1818 එංගලන්තය අපේ ඌව වෙල්ලසේ ගොවියන් සියලු දෙනා අමු අමුවේ මරා දැමුවේය. එපමණක් නොව,  ගොවීන්ගේ හරක බාන, කුකුලන් පවා මරා දැමුවේය, ගොවි පවුල්වල ලින් වලට සහ ඇල දොලට විස මිශ්‍රකර අනාගතයේ ගොවිතැන් කිරීමේ අවකාශය හීන කළේය. අධිරාජ්‍යයවාදීන්ට අනුව ඒය එසේ විය යුතුමය. එසේ නොවුනානම් ඔවුන් අධිරාජ්‍යයවාදීන් නොවෙයි. ඒ පරිදෙන්ම, දෙවන ලෝක යුද්ධයෙන් ජයගත් ඇමෙරිකානු අධිරාජ්‍යයයේ දේශපාලන සංකල්ප - ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව අයිතිවාසිකම් - අන් කවරක්වත් නොව රැහේ නායකයාගේ කෘරත්වයේ තරම මත පිහිටවා ඇති ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඔවුන් විසින් පිහිටවා ඇති සංකල්පයි. 

නමුත් අද වන විට වෙනම දේශයක් ඉල්ලු ඇමෙරිකානු කළු ජාතිකයින් කීප දෙනකුමටම මරණය පමණක් හිමිවී ඇත. ඇමෙරිකාව සහා කැනඩාව පුරා ආදිවාසී ළමුන්ගේ සමුහ මිනී වලවල් හමුවෙමින් ඇත. ඇමරිකානු කළු චින්තකයින් දැන් පවසන්නේ ඇමෙරිකානු ව්යවස්ථාව කලු ජාතිකයින් පාගාගෙන සිටීමට සෑදු ව්යවස්ථාවක් ලෙසය. එංගලන්තය තුල කලු මිනිසුන්ගෙන් පමණක් සමන්විත දේශපාලන පක්ෂයක් පිහිටවන්ටට සමාජ කතිකාවක් සෑදු Sasha Johnson හට, මාස දෙකකය පෙර, වෙඩි තැබුවාය. ඇය තවමත් ඉස්පිරිතලයේය. ඔබ ඉතිහාසය ගැන දන්නේනම් කලු ජාතිකයින්ගේ නිදහස වෙනුවෙන් කතාකල Martin Luther සහ Malcolm X ද අමෙරිකාවෙන් හිමිවුදේ මරණය පමණි. එපමණක් නොව ඇමෙරිකානු ප්‍රමුක බටහිර රටවල ආධිපත්‍ය රැකගැනීම සදහා Iraq, Libiya, Iran, නැගෙනහිර  යුරෝපයේ රටවල්, Afghanistan, Israel, Heiti සහ එකී මෙකී නොකී රටවල්වල නායකයින් අමු අමුවේ ඝාතනය කර ඇත. මිලියන ගණනක ජීවිත විනාශවී ඇත. මිලියන ගණනකට ඉදුම් හිටුම් නැතිවී ඇත. 

මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාධි මත ගැන උදම් අනනා පරදේශක්කාරයින්හට ඔවුන්ගේ ඇස් පනාපිට ඇති මේ දේවල් පෙනෙන්නේ නැත. එය එසේ පෙනුනත් දේශය ගොඩනගනා දේශීය ප්‍රචණ්ඩත්වයේ ඒකාධිකාරයකට වඩා පරදේශක්කාරයින්ගේ ඒකාධිකාරයට කඩේ යමින් සිටී. බටහිර ආදී වාසීන් හට සහ සුළුතරයන්ට නොමැති මානව හිමිකම් ඔවුන් ලවා මෙම දේශයේ පිහිටුවීමට පරදේශක්කාරයින් ට්‍රයි කරමින් සිටී. සොභාව ධර්මයේ අරුතින් මෙම පරදේශක්කාරයින් හරියට හැසිරෙන්නේ නපුන්සකයින්ය ලෙසිනි. රැහේ තුලින් සොයාගත නොහැකි මානව හිමිකම් කොහෙවත් නැති රැහේකින් ඉල්ලා සිටින්නා සේය. මෙම පරදේශක්රකාරයින් සුළුතරය නියෝජනය කරන්නේනම් ඔවුනට ඇමෙරිකානු ප්‍රමුක බටහිර රටවල neo-ලිබෙරල් ආධිපත්‍යට කැබිරීම හැර වෙන ක්‍රමවේදයක් නැත.

දියුණුවෙන දේශයන්ගේ ඒකාධිකාරි බලයන් අර්බුදයයට ගෙනයාම පරම අරමුණු කරගත් බටහිර neo-ලිබෙරල් මතවාධ බහුතරයගේ අයිතිවාසිකම් ආරක්ෂා වීමට පෙර සුලුතරයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වීමයුතු බව පවසති. පුරුෂයාගේ අයිතිවාසිකම් ආරක්ෂා වීමට පෙර ගැහැණියගේ අයිතිවාසිකම් ආරක්ෂා වීමයුතු බව පවසති. පියාගේ අයිතිවාසිකම් ආරක්ෂා වීමට පෙර දුවගේ සහ මවගේ අයිතිවාසිකම් ආරක්ෂා වීමයුතු බව පවසති. විෂමලිංගිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වීමට පෙර සම ලිංගිකයන්ගේ සහ Transsexuala ගේ අයිතිවාසිකම් ආරක්ෂා වීමයුතු බව පවසති. දේශපාලන ඒකාධිකාරයේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමට ප්‍රථම එය අභියෝගයට ලක්කරන භාෂණයේ අයිතිවාසිකම් ආරක්ෂා වීමයුතු බව පවසති. දේශපාලන ඒකාධිකාරයේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමට ප්‍රථම එය අභියෝගයට ලක්කරන දේශපාලන රැස්වීම්වල අයිතිවාසිකම් ආරක්ෂා වීමයුතු බව පවසති. සොභාව ධර්මයන්ට කිසිලෙසකවත් නොගැලපෙන මේ විකාරය දුර නොදක්නා බහුතර ජනතාවට මානව ගැලපේ. තමුන්ගේ සහ දේශයේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට ලේ සෙලවීමට නොහැකි වැඩ කිරීමට නොහැකි නපුන්සකයින්ට මානව ගැලපේ.

ගසක මුල් ඇද කද ශක්තිමත්වීමට ප්‍රථම මල් නෙලීමට මෙම පණ්ඩිතයින් සැරසෙති. ඔවුනට සදාකාලිකවම සශ්‍රීක ගසක් සිටුවීමට නොහැකිවෙනවාසේම මල් කැඩිමටද නොහැකිවේ. ඔවුනට අනුන්ගේ ගසකින් ඉද හිට මල් කැඩීමට හැකිවෙනු ඇත. ගසක් සැදීමට මල් වලින් නොහැක. ගසක් සැදීමට ඉර එලිය, පස් සහ වතුර නිසිසේ අවශ්‍යය. එලෙසම සාර්ථක දේශයක් බිහිවීමට රටේ නායකයා විසින් ඔහුගේ ප්‍රචණ්ඩත්වයේ ඒකාධිකාරය පිහිටවිය යුතුමය. මහජනතාව තුල බිය ඇතිකළ යුතුමය. එහි ප්‍රතිපල අවුරුදු පහකින් හෝ දහයකින් නෙලා ගැනීමට නොහැකිවනු ඇත. මෙම සොභාව ධර්මයේ නීතීන් දීර්ග කාලයක් පුරා ස්ථාපිත කළහොත් පමණක් එහි සාර්ථක ප්‍රතිපල දේශයේ මහජනතාවට අනාගතයේ නෙලා ගැනීමට හැකිවනු ඇත. එය අවසාන නොවනා අරගලයකි.

චීනය මෙයට හොදම උදාහරණ වේ. ප්‍රචණ්ඩත්වයේ ඒකාධිකාරය දේශපාලන අධිකාරිය සතුව තිබිය යුතුයයි යන්න හුදු සංකල්පයක් නොවනබව චීනය ප්‍රත්‍යක්ෂ කරයි. 

අර්බුධයන් යනු නව මන් මාවත සෙවීමට මහගු කාලයකි. අපගේ නායකත්වයට අවශ්‍ය සියලු ශක්තිය සහ ධෛර්ය ඉදිරි වසර තුල ලැබේවායි ප්‍රර්ථනා කරමි. 



කර්තෘ - ඒ.වී. අනුරාධ සම්පත්

අධ්‍යාපනය - ජාත්‍යන්තර ආරක්ෂාව සහ නීතිය (පශ්චාත් උපාධි ඩෙන්මාර්කය) /  ජාත්‍යන්තර දේශපාලනය (බීඒ (ගෞරවය) එක්සත් රාජධානිය)

Comments

Popular posts from this blog

Prospect of Economic development - Post Covid-19 Sri Lanka

Whole country is in turmoil – aftermath of 21 April 2019

Reply to Ryan Goodman 2 of 4 - What does Goodman leave out?