ගුරු මෝඩයින්ට සහ ශික්ෂණයක් නැති ශිෂ්‍යයයින්හට පාඩම් කියා දීමට කාලය පැමිණ ඇත

ටහිර රටවල්වල බිහිඋනු මනංකල්පිත සංකල්ප කරපින්නාගත් ගුරුවරුන්යැයි කියාගත් පිරිසක් සහ ශිෂ්‍යයින් පිරිසක් වීදි බැස ඇත. මුළු ලෝකයම ආර්ථික වියසනයකට මුහුණදී ඇති අවස්තාවක ගුරු පඩි වැඩිකිරීම් සහ පෞද්ගලික විශ්වවිද්‍යයාල තහනම් කිරීම් වැනි සටන් පාට ඔහුන්ගේ ලෝකයේ විශාලතම අරබුද විඇත. සෑම විටම රජය පෙරලීම පමණක් දේශපාලන අරමුණ කරගත් සියලු සුළුතර පක්ෂ ඔහුන් පසුපසින් සිටි. එයට අමතරව රට අරාජිකත්වයට ගෙනයාම මුලික අරමුණ කරගත් බටහිය ඒජන්තයින් මේදෙස ඇස් ආය බලාසිටින වග රහසක් නොවේ. දේශීය කුණුහරුප දාර්ශනිකයින් සහ සමහර විශ්වවිද්‍යාල ගුරුවරුන් බටහිය සංකල්පවල මනා ගොදුරුය. දේශය ගොඩනැගීම විද්‍යාවකි. එය නොදත්උන් හට සමාව දිය යුතුඋවද එය නොදන්නාසේ හැසිරෙන හිවලුන් රටේ දේශද්‍රෝහීන්ය. රටේ අනාගතය වෙනුවෙන් මොහුන් තුරන් කිරීමට කාලය පැමිණෙමින් තිබේ.

කොවිඩ් වසංගතය හමුවේ ලෝකයේ සෑම දියුණුවෙමින් පවතින රටක්ම සහ සමහර දියුණුවූ රටවල් පවා මුහුණදී ඇති විදේශ විනිමය හිගකම, දේශීය ආර්ථික ක්‍රියාකාරකම් අවමවීම නිසාවෙන් ඇතිවී ඇති දේශීය ආර්ථික අපහසුතා අපමණය සහ අනෙකය. උදාහරණයක් වසයෙන් ඇමරිකා එක්සත් ජනපදය පසුගිය වසර දෙක තුල මුද්‍රණය කරඇති පමණක් මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන හත ඉක්මවා ඇත. එය එම රටේ දලජාතික නිෂ්පාදනයෙන් සියයට හතළිහක් පමණවේ. කොවිඩ් වසංගතයෙන් ගොඩ ඒමට  මුදල් මුද්‍රණයකර එරටේ යටිතල පහසුකම් දියණු කිරීම Biden ජනාධිපති තුමාගේ මුලික අරමුණවී ඇත. එමගින් ඔහුන් ආර්ථික උද්ධමනයක් බලපොරෝතුවෙන නමුදු එය තවමත් සිදුවී නොමැත.

නමුත් ඇමරිකා එක්සත් ජනපදය තුල කුලියට ජීවත්වෙන පවුල්වලට ඔහුන්ගේ මාසික වාරිකය ගෙවීමට නොහැකිව පවුල් මිලියන පහළොවක් පාරට වැටීමට දැන් නියමිතව ඇත - මානුෂීය වශයෙන් ඔහුනට අප එසේ නොවේවායි ප්‍රාර්ථනා කරමු. යුරෝපයේ තත්වයද නොදවනි නොවේ. උදාහරණයක් වශයෙන් ප්‍රංශයේ දේශපාලන ස්ථාවරත්වය බිදවැටෙමින් පවතී. රටේ මහජනතාව අතර Military විප්ලවයක අවශ්‍ය තාවය ගැන කසු කුසුවක් ඇත. සියලුම යුරෝපීය රටවල් සහ උතුරු ඇමෙරිකානු රටවල් සහ ඔස්ට්‍රේලියාව තුල දේශපාලන ස්ථාවරත්වය බිදවැටෙමින් පවතී. සියලු ප්‍රජාතාන්ත්‍රිකයැයි කිවූ රටවල්තුල මෙතෙක් සිරකරගෙන තිබු මුල් ආදීවාසීන්ට කල ඓතිහාසික සාපරාධී ක්‍රියාකාරකම්ගැන ආදීවාසීන් ප්‍රශ්න අසන්නට පටන්ගෙන ඇත. බටහිය සංකල්ප ඉපදුණායයි කියන සහ එම සංකල්ප අටෝපයට වැලදගත් රටවල්වල සිටිනා සුලුතර ජන කොටස් එම රටවල දේශපාලන සහ ආර්ථික වියුහයන් කිසිදාක සුලුතරයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති වියුහයන් නොවන බව වටහා ගනිමින් පවතී. 

මේ සියලු ඓතිහාසික දේශපාලන සහ ආර්ථික කැලබීම් අතර චීනය පමණක් සුරක්ෂිත රටක් බවට පත්වී ඇත. අප සියලු දෙනාට චීනයෙන් උගත යුතු පාඩම් කිහිපයක් ඇත. එහි පළමු වන්න වන්නේ රටක් දියුණු කිරීමට, පළමුව දේශපාලන ස්ථාවරත්වය ස්ථාවර කල යුතු බවයි. කෝල්ලන් සහ බල්ලන් සියලු දෙනාගේ අයිතිවාසිකම් ස්ථාවරත්වයට පත්කිරීමට‍ පෙර දේශපාලන ස්ථාවරත්වය ස්ථාපිත කල යුතුය.

1989 චීනයේ එක් අවස්තාවක එකල දේශපාලන අධිකාරියට ඔහුන්ගේ දේශපාලන අධිකාරිය ශිෂ්‍යයන්ට විරුද්දව නිශ්චිතවම පිහිටු වීමට සිදු විය. බටහිර රටවල්වල කැනහිලුන්ගේ දේශපාලන නියායන් ඇති සියලුදෙනා එම විප්ලවයෙන් ශිෂ්‍යයයින් ජය ගන්නා තුරු නොවිමසිල්ලෙන් බලාසිටියෙමු. නමුත් අධිෂ්ඨානශීලී සහ දුරදක්නා නුවණ පරිපුර්ණවූ දේශපාලන අධිකාරිය එම විප්ලවීය මොහොත ජය ගැනීමට සමත් විය. ශිෂ්‍යයන් සිය ගණනක ජීවිත එදා නැති උනෙමු. නමුත් චීනය අද එම රටෙන් බිලියනයක් පමණ ජනතාව දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇත. චීනය අද ලෝකයේම බලවතා වෙමින් පවතී. එදා ඔහුන් දේශපාලන නුගතුන්ට සහ දේශපාලන පරගතියන්ට උවමනා ආකාරයට රට අරාජිකත්වයට ගෙනගියේනම් අදත් චීනය ඉන්දියාවට සමනුවනු ඇත. ඇමෙරිකාවේ සහ යුරෝපා රටවල් වලට අවශ්‍ය ආකාරයට නටමින් පවතිනු ඇත. 

ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරිය තීරණයක් ගතයුතුව ඇත. එය ලංකාවේ ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වනු ඇත. බටහිර රටවලට බියෙන් සහ ඉන්දියාවට බියෙන් අපේ රට ගොඩ නැගිය නොහැක. බටහිර රටවලට ජීවත් වීමට කෑදර දේශපාලන නායකයින් හට මෙම තීරණ ගත නොහැක.  

අප සියලු දෙනා එකාසේ එකමුතුව රට වෙනුවෙන් කැපවීම් කිරීමට කාලය පැමිණෙමින් තිබේ.



Author - A.V. Anuradha Samapth

MA in International Security and Law from Denmark & BA Hon in International Politics from UK
LinkedIn - linkedin.com/in/amarasinghevidanage

Comments

  1. අනේ පලයං බං යන්න.රෙද්දක් කතා කරනව.කැපවීම් කරන්න පුළුවන් පාලකයෝ රටේ ඉන්න ඕන ඔක්කොටම කලින්.වාහන ගේන්න.සීනි වලින් කෙලින්න,නිදොස් කොට නිදහස් කරන්න මාර හැකියාවක් තියෙන්නේ.අඩුම ගානෙ මූලික අධ්‍යාපනය ගත්ත කෙනෙක්ද කියල සැකයි,ගුරුවරුන්ටටඅපහාස කරන විදිහට.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Prospect of Economic development - Post Covid-19 Sri Lanka

Whole country is in turmoil – aftermath of 21 April 2019

Reply to Ryan Goodman 2 of 4 - What does Goodman leave out?