කුඹුරට එන කුණු ප්‍රශ්ණය විසදීමට ඒකාධිපති පාලනයක අවශ්‍යතාවය - ගඳගසන නිලධාරීවාදය

ගේ පසුගිය artical වලින් පැහැදිලි කලේ මානව හිමිකම් කියන්නේ හරියට හොදට සශ්‍රීකව හැදුනු ගසක පිපෙන මල් වගේ දෙයක් කියල. ඒ කිව්වේ මල් වලට කිසිම සම්බන්දයක් නැති සංගටකවල (පස, වතුර, ඉර එලිය) දීර්ග කාලීන මුසුවකින් පස්සේ, ගසක සුවද හමන මල් හට ගන්නවා වගේ තමයි මානව හිමිකම් ලගාකරගන්න ඉස්සෙල්ල රටේ සුභසිද්ධියට නොපිරිහෙලා වැඩකරන ඒකාධිපති දේශපාලන අධිකාරියක් විසින් ඒ රටේ මනුෂ්‍යයින්ගේ හිතේ එම දේශපාලන අධිකාරිය වෙනුවෙන් ඇතිකරන බිය (fear) දීර්ග කාලයක් පුරාවට පවත්වාගෙන ගියහම ඒ මත තමයි දේශපාලන ස්ථාවරත්වය (political order) සහ එහින් උපදින නීතිය සහ රීතිය (law and order and customs) බිහිවෙන්නේ කියන කාරණය. ඒ මත තමයි රටවල් සශ්‍රීක වෙලා තියෙන්නේ කියන කාරණය. එය එසේ කිරීමට රජයකට අවශ්‍ය හිංසනයේ ඒකාධිපතිත්වය (monopoly of violence) පාවිච්චි කිරීමේ සාධාරණ අයිතිය සෑම දේශපාලන අධිකාරියකටම ඇති බවත් මම පැවසුවා. මම මෙම කරණා සොභාව ධර්මයේ තියන නීති සහ රීති වලට අනුකුල වන බවත්, දැනට යුරෝපයේ සහ අනිත් දියුනුවුවා යැයි පවසන රටවල් මෙලෙස දියුණුවී ඇති බවත්, මානව අයිතිවාසිකම් කියන්නේ හුගක් වෙලාවට ඔවුන්ගේ රටවල් වලත් සුළුතරයට නැති, නමුත් ඒ රටවල් විසින් දියුණු වෙමින් පවතින රටවල් ඔවුන්ගේ ග්‍රහණයේ තබා ගැනීමට පාවිචිචි කරනා මෙවලමක් පමණක් බවත්ය. මේ සියලුදේ empirical උදාහරණ මතයි පිහිටවෙව්වේ.

මේ article එකෙන් කියන්නේ ඊට ටිකක් වෙනස්, නමුත් එයට සෘජුවම අදාල, ලංකාවට පමණක් නොව දියුණුවෙමින් පවතින අනික් බොහෝ රටවල් වලටත් අදාල කාරණයක්. එක අතකට මෙම කරණය නිසා තමයි සතවර්ශයක් පුරාවටම වගේ ප්‍රජාතන්ත්‍රවාදය මගින් පාලනය කරපු රටවල් අරාජිකත්වයට ගිහිල්ල තෙයෙන්නෙ, නිලධාරීවාදය (bureaucracy). සරල උදාහරණයක් ගමු.

හිතන්න මම/ඔබ ගොවියෙක්. රට ගැන තියන කැක්කුම හින්ද මම රටට ආදරය කරන ගෝටාභය වගේ කෙනෙක්වත් ජනතිපති කෙරෙව්වා තුනෙනේ දෙකක ඓතිහාසික චන්දයකිනුත්. ඔබ බලාපොරොතු උනා සශ්‍රීක දේශයක්. ගෝටාභය මහත්තය දන්න වැඩ දාල වැඩකරන්න පුළුවන් ටිකකුත් වැඩට ගත්ත කියන්නකෝ. මෙතනම ලොකු ගැටළුවකුත් තියනවා - ලොකුම තැන. එක තමයි අපිට ඕන ගෝටාභය විතරයි. අපි හොදටම දන්නවා අර 225 හොරු ටික (හැමෝම එහෙම නැහැ හැබැයි) දියවන්නාවේ ගිලෙනවානම් හොදයි කියල. නමුත් ප්‍රශ්නේ තමයි ව්‍යවස්ථාවට අනුව ගෝටාභයට බැහැ 225 එපා කියන්න. එහෙම කිවුවොත් ඒකාධිපතිත්වය ඒතනින්ම පටන් ගත්ත වෙනවා. Airpots ටිකයි ports ටිකයි වහන්නත් ඉස්සෙල්ල එහෙම කලොත් උන් ඔක්කොම යුරෝපෙට පනිනවා අනිවාර්යයි. එකත් හරි, අපිත් කොරන්න දෙයක් නැති හින්ද අර 225ත් චන්දෙ දෙනවා පාර්ලිමේන්තු යන්න. මේ 225 කවදාවත් නීති හදයිද 225 අඩු කරන්න? ලොකුම ප්‍රශ්නේ මෙතන තමයි තියෙන්නේ. මේ 225ටත් මැටි ඇමටි පට්ටම් දෙන්න වෙනවා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවානම්. දැන් එහෙනම් ඒයාල වටේට ඉන්න නිලධාරීනුත් අනිවාර්යෙන් ඉන්න එපැයි වෙනසක් නැතුව. එක පැහැදිලිනේ?

දැන් අපි මහ පොළොවට එමු අපේ කුඹුරට! දැන් මට ඕනේ මේ කුඹුර හොදට කරන්න. එකට මට කාලයක් තිස්සේ ඕන වෙලා තියනවා මේ කුඹුරට වතුරත් එක්ක නගරයෙ ඉදල ගසාගෙන එන කසල (plastics, බෝතල්, පොලිතින් උර) ටික නවතන්න. එක තමයි ඔයාටයි මටයි කරන්න ඕන එකම දේ කියල හිතන්න. හරි දැන් ඔබ ඔබගේ අදාල ගොවි නිලධාරිට ලිකිතව ලියල ඉල්ලනවා කසල පෙරේනයක් සකස් කරලා දෙන්න කියල.

මේ කුඹුරට අශ්‍රිතව ඉන්නවා මේක ගොඩකරන්න බලාගෙන ඉන්න උකුසෙක් දෙන්නෙක්. සමහර වෙලාවට පොර කොටසක් මෙවේදීත් ගොඩ කරලා. පොර කැමතියි කානුව වැහිල යනවට. මොකද එතකොට වතුර එන්නේ නැති නිසා මේ කුබුරු කරන්න බැහැ කියල ගොඩ කරන්න ලේසියි. මේ පොර මැරය. ග්‍රාමසේවකයි, ප්‍රදේශී ලේකමුයි අදාල කෘෂි නිලධාරියයි පොරට බයයි. ලග පාත ඉන්න දේශපාලන ඩයල් ටිකත් මුට support. බැලුවහම මූත් ගෝටාභයට වියදම් කරාලු චන්දෙට. හුගක් වෙලාවට ගෝටාභය දන්නේ නැහැ ඒගැන. නමුත් ගම්මු විස්වාස කරනවා එක. පොලීසියත් එන්නේ නැහැ මූ ගොඩ කරන එක දිහා බලන්න. දැන් මොකද වෙන්නේ?

දැන් මම කැමති ජනාධිපති ජනාධිපති පුටුවේ හිටියට, ඔහු දීපු ටෙලිෆොනේ numbers වලට කීපාරක් කතා කරත්, ලියුම් යැවුවත් වැඩක් නැහැ. මමත් එතනමයි, මගේ කුඹුරත් එතනමයි, ගෝටාභය මහත්තය හිතනවා එයාගේ military සෙට් එක සහ ලග ඉන්න දේශපාලුවන් සෙට් එක වැඩ කියල. නමුත් යස අගේට මගේ කුඹුරට එන වතුරත් එකක කුණු ටික තවමත් කුඹුරට එනවා. අර කුඹුර ගොඩ කරන එකා යස අගේට තවමත් ගොඩ කරගෙන යනවා ලගපාත තියන කුබුරු ටික.  

මේක තවත් දුර අරගෙන ගියොත් එහෙම අපිට හම්බ වෙනවා කම්මැලි නිලධාරීන්, දුෂිත නිලධාරීන්, සාරි පටලවා ගත්තු තාක්ෂණ නිලධාරීන් යනුවෙන් සෙට් එකකුත්. අද නැහැ හෙට එන්න කියන සෙට් එකකුත් ඉන්නවා. 

මේ සමගම රටට ආදරයෙන් අවංකව වැඩකරන නිලධාරීන් set එකකුත් ඉන්නවා. එයාලට අපි හැමෝම ගරු කරන්න ඕනේ.

දැන් අපිට තේරෙන්න ඕනේ ජනතිපති රටට ආදරය කරාට, යුද්දේ දින්නට, රසායනික පොහොර තහනම් කරාට, සීනි බද්ධ අඩු කරාට, වී, හාල් සහ පොල් වලට සහතික මිලක් දුන්නට, මහ පොළොවේ පය ගහල ඉන්න ඔබටයි මටයි කිසිම වෙනසක් වෙන්නේ නැහැ මේ ඉන්න නිලධාරීන් set එකත් එක්ක. අපි මේ ඔක්කොම වෙනස් කරන්න ඕනේ කිව්ව ගමන් මේ ඔක්කොම පාරට බහිනවා උත්ගොෂණ කරන්න. ජනතිපතිතුමන් තුවක්කුව (monopoly of violance / හිංසනයේ ඒකාධිපතිත්වය) පාවිච්චි කරන්න බය නම් එකත් option එකක් නෙමෙයි. එකම option එක තමයි පැලැස්තර අලවන එක. හොදම උදාහරණයක් තමයි අද ජනාධිපතිතුමා මේජර් ජනරාල් එන්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතය පත්කරපු එක, පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන්. මොකද මොන නිලධාරියෙක්වත් වගකීමක් ගන්නේ නැහැ  වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් බඩුවල සහතික මිල ස්ථාවර කරන්න. දැන් ඔබ හිතනවද ඊලග ආණ්ඩුවෙන් මේ හොද වැඩ දිගටම කරයි කියල. දැනටම ඔවුන් UN එකට (ජාත්‍යන්තරයට) කියල ඉවරයි ගොටභය මහත්තය military කරණය කරනවා කියල.

මමනම් argue කරන්නෙම හිංසනයේ ඒකාධිපතිත්වය තහවුරු කරන්න කියල. ජනාධිපති මේ හිංසනයේ ඒකාධිපතිත්වය පාවිච්චි කරන්න බයනම් සාමාන්‍ය පුරවැසියන් අනෙකාට හිංසනය පාවිච්චි කරන්න බය නැති වෙනවා. මැරයෝ ටිකයි, ගමේ කප්පම් ගන්න එකයි, දුෂිත දේශපලුවයි හිංසනය පාවිච්චි කරන්න බය නැති වෙනවා.

මම මේ කුඹුරු තර්කෙ දිගටම අරන් ගියහම පෙන දෙයක් තමයි, මේ දවස්වල් මිනිස්සු තමන්ගේ කුඹුරු වැඩි හරියක් කරනවා. ගම් වල අවිදිද්දී හරි ලස්සනට මේ කුඹුරු පෙන්න තියනවා. නමුත් ඒවා අවට තියන අල දොල වල් වැදිලා, කාණු කුණු වලින් පිරිලා. සොභාව ධර්මයේ නීතියට අනුව වතුර පහල ගසාගේන යන හින්ද කුඹුරු කරනවා. මේ නොකෙරෙන වැඩ, ඇල වේලි සකස් කිරිලි සහ කාණු සුද්ද කිරිලි කෘෂිකාර්මික නිලධාරීන් සහ ප්‍රදේශීසභා හෝ නගර සභා නිලධාරීන් එකතුවෙලා කරන්න ඕනේ දේවල්. දැන් මේවා වෙන්නේ නැහැ. දැන් මේ නිලධාරීන් මේ බලාගෙන ඉන්නේ ජනාධිපතිතුමා order කරනකන්ද? එයාලට සේවකයෝ ඉන්නවා සහ පඩි ගෙවනවා. ඇයි මේ නිලධාරීන් හිතල වැඩ නොකරන්නේ? හැබැයි පොඩ්ඩ වරදින්න බැහැ උද්ගෝෂණය කරන්න යනවා.  

එක්කෝ මේ හැම තැනම military officer කෙනෙක් වැඩ බලන්න ඕනේ. 

මේ නිලධාරීන් මහ පොළොවේ ගැටිලා වැඩ නොකරන එක තමයි දැන් තියන අවුල. තව උදාහරණයක් ගමු CIA උකුස්සා (ලාබ උපයන මාධ්‍ය ආයතනයක එක program එකක් ඒක) රට වටේ යනවා හොරු අල්ලන්න. මිනිස්සු CIA උකුස්සාට call කරලා කියනවා හොර මැර කම් ගැන. හැබැයි පොලීසියට කියන්නේ නැහැ. ඒ මොකද ඒ? අපි පොලීසියට call කරහම පොලීසියේ ලොක්ක කුඩු කාරයට හරි ගමේ මැරයට හරි කියනවා අපි තමයි call කරේ කියල. මෙතනත් තියෙන්නේ නිලධාරීවාදය රට අරාජික කරන වැඩක්. 

දැන් බලන්න මේ හොර සීනි ගබඩා දිහා. ඔබටයි මටයි පුලුවන්ද building එකක් maintain කරන්න අවසරයක් නැතුව? බැහැ. අපි ග්‍රාම සේවකට කියන්න ඕනේ මෙහෙම store (ගබඩාවක්) එකක් තියනවා කියල. ලගම තියන ප්‍රදේශීය ලේකම් ගාව register වෙන්න ඕනේ. එකට වාර්ෂික business බද්ධක් ගෙවන්න ඕනේ. ලගම ඉන්න පොලීසිය දැන ගන්න ඕනේ metric ton බර ගානක ගබඩාවක් තියනවනම් තමන්ගේ රාජකාරී area එක තුල. නමුත් සීනියි, හාලුයි, වීයි ටොන් ගණන් මේ ගබඩාවල් වල හංගල තියනවා. මෙතනත් තියෙන්නේ නිලධාරීවාදය රට අරාජික කරන වැඩක්. 

communist වාදියෝ ප්‍රාග්ධනය අහෝසි කරහම මේ ඔක්කොටොම තෛලයලු. මේ මානව හිමිකම් කාරයෝ කියනවා ජනධිපතිගේ බලය අඩු කරලා නීතියේ ආධිපත්‍ය ඇති කරල හැමෝගේම මානව හිමිකම් ස්ථාවර කරහම මෙහෙම වෙන්නේ නෑලු. 

ඔලුව තියන ඔබටයි මටයි තේරෙන්න ඕනේ දැන් ජනාධිපති මාරු වෙච්ච පලියට, නීතියේ ආධිපත්‍ය තිබුණු පලියට, හැමෝටම මානව හිමිකම් තිබුණු පලියට, මේ නිලධාරීවදයත් එක්ක රට හදන්න බැහැ ලේසියෙන්.

අපි military පාලනයකට රට කරන්න දෙන්න ඕනේ. ඒකාධිපති පාලනයකට පාලනයකට රට කරන්න දෙන්න ඕනේ. 

මෙම කාලය අපට නිදහස්ව සිතීමට ඇති කාලයයි. 

පුහු මානව හිමිකම් කර පින්නාගෙන රට අරාජික කිරීම පසෙක තබා අප සියල්ල එකතුවී කැප කිරීම් කිරීමට කාලය පැමිණ ඇත.


 

කර්තෘ - ඒ.වී. අනුරාධ සම්පත්

අධ්‍යාපනය - පශ්චාත් උපාධි - ජාත්‍යන්තර ආරක්ෂාව සහ නීතිය ඩෙන්මාර්කය බීඒ (ගෞරවයජාත්‍යන්තර දේශපාලනය - එක්සත් රාජධානිය.

Comments

Popular posts from this blog

Prospect of Economic development - Post Covid-19 Sri Lanka

Whole country is in turmoil – aftermath of 21 April 2019

Reply to Ryan Goodman 2 of 4 - What does Goodman leave out?