භාෂණ නිදහසට මුවාවී පාර්ලිමේන්තුව තුල බොරු බේගල් ප්‍රකාශ කිරීම රටේ මහ ජනතාවට නිග්‍රහ කිරීමකි

පාර්ලිමේන්තුව රටේ උතරීතරම ආයතනයි. එම ආයතනයතුල ප්‍රකාශ කරන සියලු ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් රටේ ප්‍රෞඪත්වය සහ අභිමානය ඔසවා තැබිය යුතුය. එහිදී භූමික අඛණ්ඩතාවය පලුදුවන ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් කීරීම නීතියෙන් සහ රීතියෙන් දඩුවම් ලැබිය යුතු වරදවල් විය යුතුය. එවන් පලුදුවන ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් කරනා ඇමැතිවරුන්ගේ ඇමැතිදුර අහෝසි කෙරීමේ සිට ඔහුන්ගේ ප්‍රජා අයිතීන් අහෝසිකීමට පැකිලීමකින් තොරව කටයුතු කිරීමට පාර්ලිමේන්තු මුලසුන හොබවන කථානායක ධුරයට සහ/හෝ ජනපතිට හැකියාව තිබිය යුතුය.

භාෂණ නිදහසට මුවාවී බොරු බේගල් ප්‍රකාශ කිරීමට ඉඩදීම රටේ මහ ජනතාවට නිග්‍රහ කිරීමකි. ප්‍රකාශ කරනා කරුණු රටේ භූමික අඛණ්ඩතාවයට, ස්වෛරීත්වයට සහ මහජන සුසංයෝජනයට පටහැනියැයි හැගී යන්නේනම් ජනපතිගේ අවසරය මත පමණක් රටේ උතරීතරම ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීමට හැකියාවක් තිබිය යුතුය.

සිංහල බෞද්ධ රටක් තුල රට තුල ඇති මහා ජනතාවගේ නීතින් සහ රීතින් ආරක්ෂා නොවන්නේනම් සුළුතරයන්ගේ භාෂණ නිදහස හෝ මුලික අයිතිවාසිකම් රැකීමෙන් රටට ඵලක් නැත. එය සොභාව ධර්මයේ නීතින් සහ රීතින් උල්ලංගනය කිරීමකි. දේශද්‍රෝහීන් බිහිවීමට ඉනිමං තැබීමකි.

මෙම කාලය අපට නිදහස්ව සිතීමට ඇති කාලයයි.

පුහු මානව හිමිකම් කර පින්නාගෙන රට අරාජික කිරීම පසෙක තබා අප සියල්ල එකතුවී කැප කිරීම් කිරීමට කාලය පැමිණ ඇත.



කර්තෘ - ඒ.වී. අනුරාධ සම්පත්

අධ්‍යාපනය - පශ්චාත් උපාධි ජාත්‍යන්තර ආරක්ෂාව සහ නීතිය ඩෙන්මාර්කය බීඒ (ගෞරවයජාත්‍යන්තර දේශපාලනය - එක්සත් රාජධානිය

Comments

Popular posts from this blog

Prospect of Economic development - Post Covid-19 Sri Lanka

Whole country is in turmoil – aftermath of 21 April 2019

Reply to Ryan Goodman 2 of 4 - What does Goodman leave out?